නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප ශක්තිමත් ආර්ථිකයක් අද ගොඩනගා තිබෙනවා- රටේ බදු 20% කින් අඩු කරන්නේ කෙසේදැයි රටට හෙළි කළ යුතුයි -අග්‍රාමාත්‍ය

    ජූනි 10, 2018

    බලයේ සිටියදී ණය ලබාගෙන ලෝක වාර්තාවක් තැබූ  හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේදැයි ඔහු රටට හෙළි කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  රංවල ඇස්වත්ත පාලම විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.

    රංවල - ඇස්වත්ත නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.


    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන 7391 දක්වා වැඩි කළ බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව එම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාවට හිටපු ජනාධිපතිවරයා හිමිකම් කියන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වර්තමානයේ ඒ පව් ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ මහජනතාවට බව ද සිහිපත් කළේය.

    එම උත්සවයේදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.


    අද රංවල සහ ඇස්වත්ත ප්‍රදේශ එකට එකතු කිරීමට අපට හැකිවුණා. මීට පෙර මෙම පාලම ඉදි කිරීම සඳහා මුල් ගල් දෙකක් පිහිටුවා තිබෙනවා. මුල්ගල් යොදා ඉදිකිරීම් කටයුතු ආරම්භ කළත් ඉදිකිරීම් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. නමුත් හර්ෂණ රාජකාරුණා මන්ත්‍රීතුමාගේ උත්සාහයෙන් අද දින මෙම නව පාලම විවෘත කිරීමට හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් එතුමාට ස්තුතිවන්ත විය යුතුයි. මෙම පාලම නිසා ප්‍රදේශ දෙක අතර සම්බන්ධතාවය වර්ධනය වෙනවා. ගමන් පහසුව සැලසෙනවා. සම්බන්ධතා, වෙළහෙළදාම්, රැකිරක්ෂා කටයුතු ආදිය වර්ධනය වෙනවා. එම නිසා මෙම පාලම ඉදිකිරීම විශාල පිනක් ලෙසයි මා දකින්නේ. හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමා දොම්පේ ආසනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරනවා. 1977 දී එතුමාගේ පියාණන් වන රාජකරුණා මැතිතුමා මෙම ප්‍රදේශයේ සංවර්ධන වැඩකටයුතු ආරම්භ කළ ආකාරය මට මතකයි. එතුමාගේ එම
    වැඩකටයුතු වර්තමානයේ හර්ෂණ රාජකරුණා මැතිතුමා විසින් ඉදිරියට ගෙනයනු ලබනවා. හර්ෂණ රාජකරුණා මන්ත්‍රිතුමාගේ පියාගේ සමකාලීන දේශපාලඥයෙක් වන සුරනිමල රාජපක්ෂ මැතිතුමාත් මම මේ මොහොතේ සිහිපත් කරනවා.දාම්පේ ප්‍රදේශයේ සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් හර්ෂණ රාජකරුණා මන්ත්‍රිතුමා සෑම විටම අපව දැනුවත් කරනවා. ඒවා වෙනුවෙන් මුදල් වෙන් කරගැනීමට විශාල උත්සාහයක් දරනවා. එම නිසා මේ වන විටදාම්පේ ප්‍රදේශයට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලබාදීමටත් මම මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන්නා. ශීල්පීය දැනුම ලබාගත් පුද්ගලයන්ට පමණයි රැකියා සඳහා ඇතුලත්වීමට හැකියාව ලැබෙන්නේ.


    කබීර් හෂීම් ඇමතිතුමා අද උâසන ගතකලේ මිල්ලනිය ප්‍රදේශයේ පාලමක් විවෘත කිරීම වෙනුවෙනුයි. අප මිල්ලනිය ප්‍රදේශයේ නව වෙළෙඳ කලාපයක් ඇතිකිරීමට කටයුතු කරනවා. ඒ තායිලන්ත සමාගමක් සමගයි. කබීර් හෂීම් ඇමතිතුමා උදෑසන එක් පාලමක් විවෘත කිරීමෙන් අනතුරුව මෙම පාලම විවෘත කිරීමටත් පැමිණ සිටිනවා. අප සංවර්ධන කටයුතු සීඝ්‍ර කර තිබෙන්නේ ඒ ආකාරයටයි. කබීර් හෂිම් ඇමතිතුමා පැවසූ ආකාරයට 2015 අප ආණ්ඩු බලය ලබාගන්නා විට සංවර්ධන කටයුතු සඳහා රටේ මුදල් තිබුනේ නැහැ. ඔවුන් ආරම්භ කළ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මුදල් ගෙවමින් අප දැන් රටේ සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. අප එම සංවර්ධන කටයුතු ආරම්භ නොකළා නම් මෙවැනි පාලමක් ඉදිකිරීමට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවාගේම මෙම ප්‍රදේශයට මෙවැනි සංවර්ධනයක් උදා වෙන්නෙත් නැහැ.

     

    අප ආණ්ඩුව බාර ගන්නා විට මෙම වැඩකටයුතු සිදුකිරීමට නොහැකි වේයැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් ඒ සියලූ අර්බූදවලට නොබියව මුහුණ දෙමින් අප ශක්තිමත් ආර්ථිකයක් අද ගොඩනගා තිබෙනවා. රජය සෙිතු සිතු ආකාරයට අය කරන බදු නිසා ජනතාව බලවත් අසරණ තත්වයකට පත්ව ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් මම පසුගියදා දුටුවා. ඒවගේම නැවතත් තමන්ගේ පාලනයක් ඇතිවුවහොත් එම බදු 20% කින් අඩු කරන බව එතුමා එහිදි පවසා තිබුණා. මෙම බදු අඩුකරන්නේ කෙසේද යැයි මම එතුමාගෙන් අහන්න කැමතියි. 2005 වන විට ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 58ක් ගතවී තිබුණා. ඒ වන විට ශ්‍රී ලංකාවේ ණය මුදල ලෙස සඳහන් වූයේ රුපියල් බිලියන දෙසිය විසිදෙකක මුදලක්. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වුණා. 2015 දී යහපාලන රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන හත්දාස් තුන්සිය අනු එකක් දක්වා ඉහල ගොස් තිබුණා. එසේ නම් එම කාලය තුල අපේ රටේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාව එතුමා සතුයි. කිසිම වාද විවාදයකින් තොරව එම වාර්තාවේ හිමිකම මම එතුමාට භාර දෙනවා. එතුමාගේ පාලන කාලය තුල පමණක් ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන හාරදාස් එකසිය හැට හතරකින් වැඩි වී තිබෙනවා. අවුරුදු 58ක් තුල තිබූ ණය මුදල එතුමාගේ පාලන කාලය තුල දෙගුණයකින් වැඩිවුණා. නමුත් කබීර් හෂීම් ඇමතිතුමා පැවසූ ආකාරයට අප බලයට පත්වන විට බිල්පතක් ගෙවීමට අවශ්‍ය මුදල්වත් ආණ්ඩුව තුල තිබුනේ නැහැ.

    ඒවගේම 2013, 2014 කාලවල ලබාගත් ණය සඳහා වන පොලී ගෙවීමට තරම්වත් ආදායමක් රජයට තිබුණේ නැහැ. අප භාරගත්තේ එවැනි රටක්. අපේ ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා අද වන විට ණය ගෙවීමට ශක්තියක් ඇතිවී තිබෙනවා. ගම සංවර්ධනය කරමින් සිටිනවා. නව ආයෝජන සමගින් රට ඉදිරියට ගමන් කරනවා. දැන් අප උත්සාහ කරමින් සිටින්නේ කර්මාන්තකරණය සහ සංචාරක ක්ෂේත්‍රයන් දියුණු කිරීමටයි. මිල්ලනිය ආදි ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇතිකරන්නේ ඒ නිසයි. මේ වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. නමුත් එම මුදල් සොයා ගැනීමට අප මහන්සි වුණා. ණය බර අඩුකිරීම සඳහා අප ක්‍රමානුකඣලව කටයුතු කළා. අපට වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ 2017, 2018, 2019 වර්ෂයන්වලයි. 2023 වනතුරු විශාල ලෙස බදු ගෙවීමට තිබෙනවා. නමුත් රටට නිශ්චිත ආදායමක් තිබුණේ නැහැ. රටේ විදේශ විනිමය වැඩිකරමින් ආයෝජකයින් රට තුළට ගෙන ඒමට අප කටයුතු කරන්නේ ඒ නිසයි.

    එම වැඩකටයුතු සිදු කරන අතරතුර අප රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද අවධානය යොමු කළා. පෙර පැවති පාලන සමයේදී රංවල ඇස්වත්ත පාලම ඉදිකිරීමටවත් ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. නමුත් විශාල ණය කන්දරාවක් සහ පොලියක් ගෙවන අතරතුර රංවල ඇස්වත්ත පාලම, මිල්ලනිය පාලම ඇතුලූ මෙවැනි සංවර්ධන වැඩකටයුතු රාශියක් අවසන් කිරීමට අපේ රජයට හැකියාව ලැබුණා. ඉදිරි වර්ෂයේදීත් මෙවැනි වැඩකටයුතු රාශියක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය ලේසි පහසු කටයුත්තක් නොවෙයි.


    මහින්ද රාජපක්ෂ මහතාගේ පව් ගෙවන්නේ අප සහ මේ රටේ මහජනතාව බව පැවසුවොත් මා නිවැරදියි. බැංකු පොලිය, බදු මුදල් ආදිය වැඩි කිරීමට සිදුවුණේ ඒ නිසයි. අප බදු මුදල් වැඩි කළා යැයි අද ඔවුන් ආණ්ඩුවට චෝදනා කරනවා. නමුත් අප බදු මුදල් වැඩිකලේ මෙම යහපාලන ආණ්ඩුව ලබාගත් ණය පියවීම සඳහා නොවෙයි. එසේත් නැතිනම් 2002 වර්ෂය වනතුරු පැවති යූඑන්පී හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවල ණය ගෙවීම සඳහා නොවෙයි. ඒ සියල්ල අප සිදු කළේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලෝක වාර්තාවක් වූ ණය මුදල ගෙවීමයි.

     

    බඩු මිල වැඩිවී තිබෙන බව බොහෝ දෙනා පවසනවා. ගෙවල් කඣලි සඳහා බද්දක් ගෙවීමට ඇතමුන්ට සිදුවී තිබෙනවා. මේ නිසා ඇතමුන් ආණ්ඩුවට බණිනවා. ඒත් අප මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ ඇයි. 2023 වන විට අප කෙසේ හෝ මෙම ණය මුදල ගෙවා අවසන් කළ යුතුයි. එසේ නොවුනහොත් රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා. මෙම පැනවූ බදු මුදල් නැවත සංශෝධනය කිරීමට අප අවධානය යොමු කරනවා. ඉන් ජනතාවට ඇතිවන බර අඩු කිරීමට අප කටයුතු කරනවා.


    මෙහිදී මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් එක් ප්‍රශ්නයක් විමසනවා. ඔබතුමා රජයේ ආදායමෙන් 20% අඩුකරන විට රටේ වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට නැවතත් ජාත්‍යන්තරයෙන් ලබාගන්නා ණය මුදල් ප්‍රමානය වැඩි කරනවාද, එසේත් නැතිනම් රටේ සංවර්ධන වැඩකටයුතු නතර කරනවාද, අපට ඒ වෙනුවෙන් පිළිතුරක් ලබා දෙන්න. ඔබේ ආණ්ඩුවට රංවල පාලමවත් ඉදිකර අවසන් කිරීමට නොහැකි වුණා. රටේ ණය මුදල් ගෙවීමට නොහැකි වුණා. නමුත් අපේ රජය විසින් ණය මුදලත් ගෙවමින් අද රංවල පාලමත් ඉදිකර අවසන් කර තිබෙනවා.


    ඔබ තවදුරටත් රටේ ණය ප්‍රමානය වැඩි කරනවාද, එසේත් නැතිනම් රට සංවර්ධනය නොකර සිටිනවාද, එසේත් නැතිනම් ඔබ ඉදිරියේදී සිදු කරන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔබේ පව් ගෙවන අප සියලූ දෙනා කැමැත්තෙන් සිටිනවා. 2023 දී ප්‍රධාන වශයෙන් තිබෙන ණය ගෙවා අවසන් කරනවා වෙනුවට 2030 දක්වා එම ණය පවත්වා ගැනීමට ඔබ අපේක්ෂා කරනවාද, මම ඇසූ මේ ප්‍රශ්නයට ඔහුගෙන් පිළිතුරක් ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. රටට මෙතරම් ණය බරක් ඉතිරි කිරීමෙන් පසුව බදු මුදල් වලින් 20% අඩු කරන්නේ කෙසේද යන්න දැනගැනීමට රටේ ජනතාවත් කැමැතෙන් ඇතැයි මා විශ්වාස කරනවා.


    බදු පිට බදු ගැසූ කාලයක් මේ රටේ තිබුණා. ඒවා ක්‍රමානූකඣලව ඉවත් කිරීමට අපේ රජය කටයුතු කරනවා. පසුගිය වසරේ ගංවතුර තර්ජනය, කුණු කන්ද කඩා වැටීම, කන්න 4ක් පුරා පැවති නියගයට ආදී මේ සියලූ අර්බූදවලට මුහුණ දෙමින් අද අප ඉදිරියට පැමිණ තිබෙනවා. අපහසු කාලයේ අප ක්‍රමානූකඣලව නැගී සිටිය යුතුයි. බදු මුදල් 50%කින් අඩු කරන බව ඔබ ඉදිරියේ මටත් පැවසිය හැකියි. නමුත් එය ප්‍රායෝගික නැහැ. එම නිසා හිටපු ජනාධිපතිවරයා එය 20% අඩුකරන ආකාරය අප දැනගැනීමට කැමතියි.


    අද මෙම පාලම ජනතා අයිතියට පත්කිරීමට ක්‍රියාකළ මහාමාර්ග අමාත්‍යතුමාටත්. මාර්ග සංවර්ධන අධිකාරියටත් අනෙක් සියලූ දෙනාටත් මම අවසාන වශයෙන් ස්තුති කරනවා. මෙම අවස්ථාවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, පර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා එක්සත් ජාතික පක්ෂ අවිස්සාවේල්ල සංවිධායක ලෙනාඩ් කරුණාරත්න, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya