බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකර ඇති මෙම නව විගමණික සම්පත් මධ්‍යස්ථානය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 540 ක් වන අතර, පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙය සියලූ පහසුකම්වලින් සමන්විතය.
විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීම, සුබසාධන සේවාවන් ලබාදීම, විදේශගතවන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුථ සේවාවන් මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතය.
අමාත්‍ය හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී. රැකව, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් මෙන්ම හිටපු විදේශ රැකියා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි කේ.ඕ.ඩී.ඩී. ප්‍රනාන්දු මහතා ඇතුථ නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )