නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා මාධ්‍ය නිදහස ගැන කතා නොකළ අය අද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම සතුටුක්

    ජූනි 08, 2018

    එදා මාධ්‍ය නිදහස ගැන කතා නොකළ අය අද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම ගැන සතුටට පත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ටී.එන්.එල් ආයතනයට සම්බන්ධ පොල්ගහවෙල පිහිටි සම්ප්‍රේෂණ කුළුණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව
    සඳහන් කළේ ය.

    සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් මේ සම්බන්ධයෙන් විදේශගතව සිටින ජනාධිපති ලේකම්තුමා පැමිණි පසු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    සිරස, සියත ගිනි තියකොට, උදයන් පත්තරේට ගහනකොට,ලංකා පුවත්පත තහනම් කරනකොට,මාධ්‍යවේදීන් මරණකොට එදා නිහඩ වූ අය අද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම ගැන සතුටු වන බවද මෙම සිදුවීම සම්බන්ධයෙන් පරිපාලන අවුලක් පෙනෙන්නට තිබෙන බවත් වත්මන් රජය නිදහස් වගකිවයුතු මාධ්‍ය වෙනුවෙන් ඇපකැපව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya