අටවන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ දී රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස මුදල් හ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත් විය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීම 2018 ජූනි මස 07 වැනි අද දින පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. එමෙන් ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත් විය.