නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට අපේක්ෂා කරනවා - අග්‍රාමාත්‍ය

    ජූනි 06, 2018

    සංවර්ධනය කරා යන ගමනේ දී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් පැවැතීමේ ඇති වැදගත්කම රජයක් ලෙස පිළිගෙන තිබෙන බවත් ජූලි මාසය වනවිට ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට හැකි වෙතැයි අපේක්ෂ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රටක් සංවර්ධනයේ දී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සැකසීම ආරම්භ කර තිබේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී අද (6) පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙහිදී පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා;


    සංවර්ධනය කරා යන ගමනේ දී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් පැවැතීමේ ඇති වැදගත්කම රජයක් ලෙස පිළිගෙන තිබෙනවා. දියුණු රටවල් බොහොමයක් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් යහපත් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් 2017 ජූලි මාසයේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සකස්  කිරීම ආරම්භ කළ අතර මේ වනවිට එය ව්‍යාපෘති කළමනාකාර තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන  අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති කළමනාකාර අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යනු ලබනවා.

    මේ වනවිට රේඛීය අමාත්‍යාංශ,හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෘත්තීය වේදීන්, සිවිල් සංවිධානවල  නියෝජිතයන් අරමුදල් සම්පාදකයින්, භාණ්ඩාගර දේඅපර්තමේන්තු නිළධාරීන් සමඟ සකච්ඡ වට හා වැඩමුළු  ගණනාවක් පවත්වා ඇට්‍රහි අතර ප්‍රතිපත්තියේ දළ කෙටුම්පත මහජන අඳහස් සඳහා 2018 අප්‍රේල් මස 17  පුවත්පත්වල පළ කරනු ලැබුවා.

    අදහස් හා යෝජනා අනුව සංශෝධනය කිරීම් මේ දිනවල සිදු කරමින් පවතිනවා. මෙම ජාතික ඇගයීම්  ප්‍රතිපත්තිය ජූනි මස දෙවැනි සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.  අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2018 ජූලි මාසය වනවිට ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට හැකි වෙතැයි  අපේක්ෂ කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

     

    ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න ඇසිමේ අවස්ථාව

     

     

    සිංගප්පූරූ ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම මගින් අපිට අනෙකුත් රටවල් සමගද නිදහස් වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙනවා

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිංගප්පූරූ ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විමසූ පැනයට අග්‍රාමාත්‍යවරයා ලබා දුන් පිළිතුර මෙසේ ය.

    ගරු කතානායකතුමනි,

    රජය විසින් සෑම විටම වෙනත් රටවල් සමග වෙළඳ ගිවිසුම් වලට එළඹෙනු ලබන්නේ රටේ ආර්ථික සංවර්ධන හා ජනතාවගේ සුරක්ෂිතභාවය ඉලක්ක කොට ගෙනයි. ගෝලීයකරණය වන සමාජ රටාව තුල අද ලෝකයේ මෙම නිදහස් වෙළඳ ගිවිසුම් හා වෙනත් ගිවිසුම් ඉතා සුලභ කාරණයක් බවට පත්ව තිබෙනවා.ශ්‍රී ලංකා - සිංගප්පූරු

     
    නිදහස් වෙළඳ ගිවිසුම සකසා ඇත්තේ සියලු පාර්ශවකරුවන් සමග ඉතා පුළුල් සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව සියලු පාර්ශවයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙසත් සියලු පාර්ශවයන්ට වාසි සැලසෙන ලෙසත් බව මම කියන්න කැමතියි. මෙම ගිවිසුම මගින් කිසිදු අහිතකර බලපෑමක් ශ්‍රී ලංකාවට, විශේෂයෙන්ම දේශීය නිෂ්පාදකයන්ට හා ව්‍යවසායකයන්ට සිදු නොවන බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.

    2018 මාර්තු 07 දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත (Anti- Dumping and Countervailing Duties Act) මගින්ද, මැතකදී අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද ආගමන හා විගමන පනත යටතේ වන රෙගුලාසි මගින්ද මෙම තත්ත්වය වඩාත් තහවුරු වී තිබෙනවා. විදේශිකයින් හට රැකියා ලබාදීමේ ක්‍රමවේදය, රැකියා ලබාදීමේ අංශ, සේව්‍ය සේවක වගකීම් මෙන්ම වෘත්තීය සංගම්වල කාර්යභාරය මෙම රෙගුලාසිවලින් අවරණය වෙනවා.එසේම, මෙම නිදහස් වෙළඳ ගිවිසුම ලෝක වෙළඳ සංවිධානයේ මුලධර්ම වලට සම්පූර්ණයෙන්ම අනුකූලවන ආකාරයට සකසා තිබෙන බවත් මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.

     
    එසේම මෙම නිදහස් වෙළඳ ගිවිසුම සැකසීමේදී කිසිදු ආකාරයකින් ගරු ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය නොමග යැවීමක් සිදුවී නැහැ.එම ගිවිසුම සම්බන්ධ අන්තර් කාලීන වාර්තාව 2017 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර මෙම නිදහස් වෙළඳ ගිවිසු‍මේ පළමු කෙටුම්පත 2017 දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ගරු ජනාධිපතිතුමා විසින් හා අමාත්‍යවරුන් 14 දෙනෙකු විසින් මෙම කෙටුම්පත සම්බන්ධව නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබූ අතර එම සියලුම නිරීක්ෂණ සලකා බලන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය වෙත නියම කරනු ලැබුවා. ඉන් අනතුරුව නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ සංශෝධිත කෙටුම්පත 2018 ජනවාරි 16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. ඒ අනුව 2018 ජනවාරි 23 දින ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව මෙම නිදහස් වෙළඳ ගිවිසුමට ඇතුළත් වුනා.

    ගරු කතානායකතුමනි

     
    සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ ලේකම් විසින් මෙම නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙසට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට කිසිදු නියෝගයක් කොට නැහැ. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත නියෝග දීමට බලය ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙතයි. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ ලේකම් විසින් සිදු කර ඇත්තේ නිදහස් වෙළඳ ගිවිසුමට අදාළව සිංගප්පූරු රේගුවෙන් ලද තොරතුරු කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට දන්වා යැවීමයි.

    ගරු කතානායකතුමනි

     
    මෙම ගිවිසුම සැකසීම සම්බන්ධ සාකච්ඡාවට ආරම්භ වූයේ 2016 ජුනි මාසයේදීයි. මෙම කාලය තුල සාකච්ඡා වට 20 අධික සංඛ්‍යවක් පවත්වා ඇති අතර මෙම සාකච්ඡා සඳහා වෙළඳ සංගම්, වාණිජ මණ්ඩල, වෘත්තීය සංගම් ඇතුලු සියලු පාර්ශවකරුවන් සහභාගී වී තිබෙනවා. මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් අනතුරුවද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සංගම් රජය වෙත විවිධ කරුණු වාර්තාකර තිබෙනවා, ඔවුන් සමග ගරු ජනාධිපතිතුමා මෙන්ම මමද සාකච්ඡා කලා. මෙම ගිවිසුම ක්‍රියාත්මක වී වසරකින් අනතුරුව මෙහි වැරදි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කොට ගිවිසුමට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට හැකියාව මෙම ගිවිසුම මගින්ම සලසා තිබෙනවා.

    ඒ නිසා මෙම ගිවිසුම අවලංගු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. සිංගප්පූරුව සමග අත්සන් කරන ලද මෙම වෙළඳ ගිවිසුම මගින් අපිට අනෙකුත් රටවල් සමගද නිදහස් වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙනවා. එසේම, අප රටේ ජාත්‍යන්තර වෙළඳාමේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කර ගැනීමට මෙම ගිවිසුම මගින් ඉතා ශක්තිමත් පදනමක් සපයන බව මගේ හැගීමයි.

     

     

    විපක්ෂයේ ප්‍රධාන සංවිධයක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් විමසූ පැනයට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා :

     

    රජය විසින් කිසිදු වැරදිකරුවෙක් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවට ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා

    ගරු කතානායකතුමනි

    2008 වසරේ සිට 2014 දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසුරිය, 2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග විරතුංග සහ 2015 ජනවාරි සිට 2016 ජුනි දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝග ලබා දී තිබෙනවා.

    මොවුන් තිදෙනා ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පහත පරිදි පියවර ගෙන තිබෙනවා. අධිකරණය වෙත ඉදිරිපත් නොවි අධිකරණය මඟ හරිමින් සිටින 2008 වසරේ සිට 2014 දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසුරිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනිම සඳහා රතු නිවේදනයක් ලබා ගැනිමට 2018.04.05 වෙනි දින ඉල්ලිමක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ වන විට ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව පොලිස්පති විසින් වාර්තා කොට තිබෙනවා. 2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග විරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා 2016.11.15 දින ජාත්‍යන්තර පොලීසිය විසින් නිල් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් අනතුරුව 2018.02.12 දින ජාත්‍යන්තර පොලීසිය විසින් උදයංග වීරතුංගට අදාලව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහිදි 2018.03.24 දින උදයංග වීරතුංග මහතාව එරට බලධාරින්ගේ භාරයට ගෙන ඇත. ඉන් අනතුරුව, උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉල්ලීමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අබුඩාබි බලධාරීන් වෙත යොමු කර තිබෙනවා. එසේම, උදයංග වීරතුංග ශ්‍රී ලංකාව වෙත උදර්පනය කිරීම සඳහා ඉල්ලීමක් 2018.05.14 දින ආරක්ෂක ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙතින් ඉල්ලා තිබෙනවා. 2015 ජනවාරි සිට 2016 ජුනි දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත නිකුත් කරන ලද නොතිසිය ඔහු වෙත යොමු කිරිමට කටයුතු සිදු කර ඇති අතර, නොතිසිය නිකුත් කරන ලද සිංගප්පුරු ලිපිනයේ ඔහු පදිංචිව නොමැති බැවින් නොතීසිය නිසි පරිදි භාරදිමට නොහැකි වි ඇකි බව වාර්තා කර තිබෙනවා.

    2018.03.15 දින අර්ජුන මහේන්ද්‍රන් යන අයට කොටුව මහේස්ත්‍රාත් අධිරණය මගින් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් මහතා සිටින ස්ථානය සොයා මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගැනිම සඳහා ජාත්‍යාන්තර සහය පතා ඇති අතර 2018.04.05 වන දින ජාත්‍යන්තර පොලිස් නිල නිවේදනයක්ද, 2018.04.19 වන දින ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කොට තිබෙනවා. නමුත් සිංගප්පූරු නීතිය අනුව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනය මත පදනම්ව තැනැත්තකු අත්අඩංගුවට නොගන්නා බැවින් උදර්පන නීතිය යටතේ ඔහු මෙරටට උදර්පනය කිරිම සඳහා නියමිත ක්‍රමවේදයක් අනුව ඉල්ලිමක් කරන ලෙසට සිංගප්පුරු රජය විසින් දන්වා තිබෙනවා. ඒ අනුව, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018.05.25 දින අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කර ගැනිම පිණිස උදර්පන නීතියට අනුව මෙරට බලධාරියා වන ආරක්‍ෂක ලේකම් වෙත ඉල්ලිමක් යොමුකර ඇති බව වාර්තා කර තිබෙනවා.

     ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ සඳහන් පුද්ගලයින් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ උපරිම ක්‍රියාමාර්ග රජයක් වශයෙන් අප විසින් මේ වන විට ගෙන තිබෙනවා. ජාත්‍යන්තර පොලිසියේ සහයත් අප විසින් ලබා ගෙන තිබෙනවා. අප රජය විසින් කිසිදු වැරදිකරුවෙක් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවට ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නට කැමතියි. මුදල් වංචා හා දුෂණ වලට සම්බන්ධ ඕනෑම අයෙකුට තරාතිරම පක්ෂ පාට භේද නොසලකා අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය ශක්තිය අප විසින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දී තිබෙනවා. කිසිදු අයෙකුට අනිසි ඇත පෙවීමක් සිදු කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී යම් යම් ප්‍රමාදයන් සිදු විය හැකියි. එම ප්‍රමාදයන් අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද අප විසින් කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම, පසුගියදා සම්මත කරගන්නා ලද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත මෙහි එක වැදගත් පියවරක් බව අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.

     

     

    පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ස්කන්ධ රාසා මැතිණිය අසන ලද ප්‍ර‍ශ්නය සඳහා පිළිතුර

     

    නැවත අවශ්‍ය නොවන ඉඩම් හඳුනා ගෙන ක්‍රමානුකුලව ඉඩම් මුදා හැරීම සඳහා රජය විසින් ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කර තිබෙනවා

    ගරු කතානායකතුමනි

    ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විද්‍යාපුරම් ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 64 වන බලසේනා මූලස්ථානය ස්ථාපිත ඉඩම සහ අබලන්ව තිබූ ගොඩනැගිලි, විශාල පිරිවැයක් හා ශ්‍ර‍මයක් යොදවා යුද්ධ හමුදාව විසින් සංවර්ධනය කර තිබෙනවා. එසේම, උපක්‍ර‍මික වශයෙන් ආරක්ෂාව තහවුරු කිරීමේ මර්මස්ථානයක් වන මෙම ස්ථානයේ මෙකී මූලස්ථානය තවදුරටත් පවත්වාගෙන යාම ජාතික

    ආරක්ෂාව සඳහා ඉතා අත්‍යාවශ්‍ය වන බව යුද්ධ හමුදාධිපති විසින් වාර්තා කොට තිබෙනවා. එසේම, මෙම මූලස්ථානය ප්‍ර‍තිස්ථානගත කරන්නේනම් එම කටයුතු සඳහා විශාල අමතර පිරිවැයක් දැරීමට ද රජයට සිදු වනවා.

    බලසේනා මූලස්ථානය ස්ථාපිත කිරීමට ප්‍රථමයෙන් මෙම ඉඩමේ වාරිමාර්ග කාර්යාලයක් පැවතුනද, ඉඩම නීත්‍යානුකූලව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට පවරාදී නොමැති රජයේ ඉඩමක් වන අතර මෙය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නීත්‍යානුලව පවරා ගැනීමේ කටයුතු දැනට මුලතිව් දිස්ත්‍රික් ලේකම් විසින් සිදු කරමින් පවතිනවා. එම නිසා වඩාත් ඵලදායී විසඳුම වන්නේ වාරිමාර්ග කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විකල්ප රජයේ ඉඩමක් ලබා දීමයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

    ගරු කතානායකතුමනි

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව විසින් පරිහරණය කරනු ලබන ඉඩම් අතුරින් නැවත අවශ්‍ය නොවන ඉඩම් හඳුනා ගෙන ක්‍රමානුකුලව ඉඩම් මුදා හැරීම සඳහා රජය විසින් ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කර තිබෙනවා.
    මවිසින්ම පසුගිය කාලය තුල කිහිප වතාවක්ම එම ප්‍රදේශවල සංචාරය කොට ඉඩම් මුදාහැරීමේ ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබුවා. නිදහස් කළ හැකි බවට හඳුනා ගෙන ඇති පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මෙම මෙම වසර නිමාවන විට අවසන් කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා. ඊට සමගාමීව නිදහස් කල හැකි රජයේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉදිරි වසර දෙක තුල මෙම ක්‍රියාවලිය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya