ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කදවුරක් ඊයේ (05) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපති මන්දිරය තුළ ලේ දන්දීමේ කදවුරක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙය වන අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජනාධිපතිතුමා වෛද්‍ය කණ්ඩායම ඇතුථ කාර්ය මණ්ඩල සමග සුහද කථා බහක නිරත විය.