නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක නාය යාමෙන් විපතට පත්වූවන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ජනපති නිරීක්ෂණ චාරිකාවක

    ජූනි 05, 2018

    අරණායක නායයාමෙන් විපතට පත්වූවන් සඳහා මහජන චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස අරණායක, රුවන්දෙනිය ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ඉදිකළ නිවාස සංකීර්ණය  ඊයේ (04) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

     
    එම පදිංචිකරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසීය.
     
    තමන් පීඩාවට පත්වූ අවස්ථාවේ ඒ පිළිබඳ සොයා බලමින් ලබාදුන් හදිසි සහන පිළිබඳව සහ ඉතා ඉක්මණින් නව නිවසක පදිංචි වීමට අවස්ථාව සලසාදීම පිළිබඳව ද මෙහිදී මෙම ජනතාව ජනාධිපතිතුමා වෙත තම කෘතවේදිත්වය පළ කර සිටියේය.
     
    අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එන්. ෆයිසල් මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. 
     
    අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානයාක, කබීර් හෂීම්, අධිනීතිඥ ලලිත් දිසානායක යන මහත්වරුන් සහ ශ්‍රී  ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුඇන් යුඇන් මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya