උගතුන් සහ බුද්ධිමතුන් මවුබිම හැරදා විදෙස්ගත වීම මෙයට හේතුවක් වන අතර, මාතෘභූමිය වෙනුවෙන් වූ ඔවුන්ගේ වගකීම් පිළිබඳ අද දවසේ නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවය සහ විශිෂ්ටයින් ඇගයීමේ සම්මාන උළෙලට ඊයේ (30) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස අප දියුණුව කරා පියමැනිය යුත්තේ අපේ උරුමය සහ සම්ප‍්‍රදායන් රැකගනිමින් බවයි. එහිදී ලාංකීය ඉංජිනේරුවන්ගේ දක්ෂතා, හැකියාවන් සහ නිර්මාණශීලිත්වය ඉතා විශිෂ්ට ලෙස පෙන්නුම් කිරීමට ඉකුත් 45 වසර පුරා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ වෘත්තිකයින් අගයමින් සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ඉංජිනේරුමය කාර්යයන් පිළිබ`ද මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති ජී.ඞී.ඒ. පියතිලක යන මහත්වරුන් ඇතු`ථ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.