මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත තුළ ව්‍යාප්ත වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද ජනපති සොයා බලයි

    මැයි 29, 2018
    පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද සොයා බැලිමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගියේය.
     
    එහිදී අදාළ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන කඩිනම් වැඩපිළිවෙළ පිළිබද සොයා බැලීය.
    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුථ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, වසංගත රෝග පිළිබද අංශයේ විශේෂ වෛද්‍යවරුන් ඇතුථ සෞඛ්‍ය බලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 
     
    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya