ලන්ඩන් නුවර හැරෝ ලෙසර් මධ්‍යස්ථානයේ (Harrow leisure Centre) දී මෙම අවුරුදු උළෙල පැවැත්වූ අතර එරට වාසය කරන ශ‍්‍රී ලාංකිකයින් 4000 ක් පමණ අවුරුදු උළෙලට සහභාගී වී සිටියහ.
එම අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර ශ‍්‍රී ලාංකීය ජන ක‍්‍රීඩා මෙන්ම සංස්කෘතිය හා බැඳුණු අංග රාශියකින් වර්ණවත් වූ මෙම අවුරුදු උළෙල සංස්කෘතික උළෙලකින් ද සමන්විත විය.
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බි‍්‍රතාන්‍යයේ වෙසෙන සියලු ශ‍්‍රී ලාංකිකයින්ට සුබපැතුම් එක්කළ ජනාධිපතිතුමා, රටක නීතියකට වඩා එරටේ සිරිත් විරිත් හා සම්ප‍්‍රදායන් බලවත් බැවින් හෙළ සිරිත් විරිත් අගයමින් අවුරුදු උළෙල සංවිධානය කර තිබීම පිළිබඳව ඇගයිමට ලක් කළේය.