අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැලසීමියා රෝගීන්ගේ පහසුකම් නැංවෙයි - මහනුවර තැලසීමියා ඒකකයේ ඉදිකිරීම් ඔක්තෝබර් අවසන්

    මාර්තු 23, 2018

    තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබදෙන මධ්‍යස්ථාන සඳහා තවදුරටත් පහසුකම් හා මානව සම්පත් ලබාදීමට කටයුතු කෙරෙන බවත් මහනුවර ඉදිකෙරෙන තැලසීමියා ඒකකය ලබන ඔක්තෝබර් මස වනවිට අවසන් වන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.


    තට්ටු අටකින් සමන්විත මෙම ඒකකය ආරම්භවීමත් සමඟ තැලසීමියා දරුවන් වෙනුවෙන් ඇටමිඳුළු බද්ධ කිරීමට හැකි වන බවත් එමඟින් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට හැකියාව ඇතිවන බවත් අමාත්‍යවරයා පැවසීය.

    මේ වනවිටත් තැලසීමියා වාහකයන් හඳුනාගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව දහය වසර දරුවන්ගේ රුධිර පරික්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    තැලසීමියා රෝගි දරුවන් වෙනුවෙන් රුධිරය ලබාදීම, කිසිදු හිඟයකින් තොරව ඖෂධ ලබදීම, තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර ලබාදීම, තැලසීමියා ඒකක නවීකරණය කිරීම, විශේෂඥ වෛද්‍ය සහාය ලබාදීම සිදු කෙරෙන බවද අමාත්‍යවරය පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya