අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක්

    මාර්තු 23, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් මාර්තු මස 24 වැනි දින දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කරමින් පැවැත්වෙන විශේෂ බෝධි පූජා සහ පහන් පූජා ඇතුලූ පිංකම් මාළාවට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් සහ පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ද සංවිධානය කොට තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පිණිස පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන 24 වැනි දින සවස 5.00 ට කොළඹ, සේදවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥාණාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර අනෙකුත් වඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya