මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පති තනතුරක්

    මාර්තු 20, 2018

    කොළඹ,පිහිටි ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයට නව නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මේ වනවිට නීති විද්‍යාලය විදුහල්පතිවරයකු යටතේ පාලනය කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දිනෙන් දින ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යෑමත් ඇතැම් පරිපාලන ගැටළු සැළකිල්ලට ගෙන පරිපාලන කටයුතු අඛණ්ඩව
    පවත්වගෙන යමට නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට තීරණය කළ බව පැවසීය.

    භාර (සංශෝධන ) පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ
    බව පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya