අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන අධිරාජයාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

    මාර්තු 13, 2018

    දීර්ඝ කාලයක් පුරා පවතින ජපාන - ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අකිහිතෝ අධිරාජයා අතර හමුව අද (13) පෙරවරුවේ සිදුවිය.

    ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

    අනතුරුව නායක දෙපළ සුහද කතා බහක නිරත විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම පිළබඳ සිය සතුට පළ කළ ජපාන අධිරාජයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව  කියා සිටියේය.

    ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කිරීම පිළිබඳ ජපන් අධිරාජයා වෙත සිය ස්තූතිය පළකළ ජනාධිපතිතුමා දෙරට අතර සබදතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බව සඳහන් කළේය.

    1981 වසරේදී පමණ තමා ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජපාන අධිරාජයා එම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැඳ පුදා ගැනීමට  තමාට අවස්ථාව ලැබුණු බව  පැවසීය.

    එමෙන්ම එම සංචාරයේදී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබුණු ඉහළ පිළිගැනීම ද ජපන් අධිරාජයා ගෞරවයෙන් සිහිපත් කළේය.

    ජපානය ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව සැබෑ මිත‍්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජයා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය  ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.

    මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරඹීමට ද ජනාධිපතිතුමා සහ අකිහිතෝ අධිරාජයා එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya