මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අද ජපානයේ රාජ්‍ය සංචාරයක

    මාර්තු 12, 2018

    ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ( මාර්තු මස 12 වැනි දින)  සිට 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

    මාර්තු මස 13 වැනි දින ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ජනාධිපති සිරිසේන මහතා මාර්තු මස 14 වැනි දින සමුළු සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය අබේ මහතා මුණගැසෙයි. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

    සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.

    ජපන් විදේශ වෙළෙඳ සංවිධානය (ජෙට්රෝ) විසින් සංවිධානය කරනු ලබන, ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝක්යෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික රැස්වීමකටද ජනාධිපති සිරිසේන මහතා සහභාගී වනු ඇත. මෙම රාජ්‍ය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවද මුණගැසීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya