ශ්‍රී ලංකා වෘත්තීකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ ''ඇමතිවරයා සමග'' වැඩසටහනට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන කථා කිරීම සඳහා මෙම අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම වෘත්තිකයන්ගේ සංගමයට ස්තුතිවන්ත වෙනවා. ඔබේ සංගමය ජාතික සංවර්ධනයට දායක වීමට කැමැත්තක් දක්වන බව ඔබේ සභාපතිතුමා පැවසුවා. විධායක මට්ටමේ වෘත්තිකයන්ට පමණක් නොව සියලූම වෘත්තිකයන්ට රටේ සංවර්ධනයට දායක වීමට හැකි ආකාරයට අපි ආර්ථිකය විවෘත කර තිබෙනවා. මෙවැනි අවස්ථාවන් ගිලිහි ගිය රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකියි. පසුගිය වසර 70ක කාලය පුරාවටම රටක් ලෙස දියුණු වීමේ ඉඩ ප්‍රස්ථා කොපමණ අවස්ථා ප්‍රමාණයක් මග හැරී තිබෙනවාද? එම කාලය තුළ අපට ඉදිරියෙන් සිටියේ ජපානය පමණයි. නමුත් අද අපේ තත්වය ගැන අප සිතා බැලිය යුතුයි.
ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබදව සළකා බලන විට තවදුරටත් දියුණු වීමේ අවස්ථා මගහරවා ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව මම ප්‍රකාශ කරනවා. අප දැනට සිටින තත්වයේ සිට තවත් වර්ධනය විය යුතුයි. රට දියුණුව කරා ගෙන යා යුතුයි.
වර්තමානයේ මෙන් නොව මීට වසර 70ට පෙර ඉතා හොඳ පරිපාලන පද්ධතියක් සහ කළමණාකරණයකින් යුත් වැවිලි ආර්ථිකයක් අප සතු වුණා. නමුත් දශක 3ක අමිහිරි යුද්ධයෙන් පසුව අපට අළුතින් නැගී සිටීමට සිදු වී තිබෙනවා. යුද්ධය විසින් අපේ රට තාක්ෂණික, ආගමික වශයෙන් බෙදීමකට ලක් කළා. ඉන් පසුව ශ්‍රී ලංකාව විශාල ලෙස ණය ලබා ගත්තා. එම ලබා ගත් ණය තවමත් අපිට ගෙවීමට සිදුව තිබෙනවා. ආණ්ඩුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාදැයි යන ගැටළුව එම අවධියේ අපට පවා තිබුණා.
නමුත් අනාගත ශ්‍රී ලංකාවක් තුළ අප ඒකීයත්වය, ස්ථාවරත්වය සහ සමෘද්ධිමත් බව තහවුරු කළ යුතුයි. එය මගේ මෙන්ම අපේ රජයේ අරමුණයි. එම අරමුණත් සමග අප ඉදිරියට ගමන් කරනවා. ස්ථාවරභාවයක් නොමැතිව කිසිදු රටකට දියුණුවක් කරා ළගාවිය නොහැකියි. එම ස්ථාවරත්වය ගොඩනැගීමට ඒකීයභාවය අවශ්‍යයි. නමුත් එම ඒකීයභාවය ළඟාකර ගැනීමට අපට නොහැකි වී තිබෙනවා. එය අද බොහෝ රටවල් මුහුණ දෙන ගැටළුවක්.
පසුගිය කාලයේ ඇතිවූ යුද්ධ සහ අරගල හේතුවෙන් අපට අවශ්‍ය ඒකීයත්වයට ළඟා වීමට නොහැකි වුණා. එසේ නම් අප පළමුවෙන්ම කල්පනා කළ යුත්තේ එම ඒකීයභාවය ඇති කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ සඳහා වූ නිශ්චිත ක්‍රමයක් හඳුනා ගත නොහැකියි.
උදාහරණයක් ලෙස ඇමරිකාව ඒකියත්වය ලබාගැනීමට යොදා ගන්නා ක්‍රමය අපට ගැලපෙන්නේ නැහැ. ඇමරිකාව තුළත් සිවිල් යුද්ධ ආදිය පැවතුණා. එක්සත් රාජධානිය එක්සත් යැයි අප සිතුවත් ඒ තුළත්
ඒකීයභාවයක් නොමැති අවස්ථා තිබෙනවා. ඒකීයභාවය විවිධ කාලවල දී විවිධ ස්වරූපයන් ගන්නවා. එසේ නම් ඒකීයත්වය යන සංකල්පය අප සාර්ථක කර ගන්නේ කෙසේද? ශ්‍රී ලංකාව විසින් ස්විට්සර්ලන්ත මොඩලය අනුගමනය කළ යුතු යැයි ඇතැමුන් පවසනවා. ස්විට්සර්ලන්තය තුළ සියලූම ජාතීන් එක්ව ජීවත්වන නමුත් ශ්‍රී ලංකාව යනු ස්විට්සර්ලන්තය නොවෙයි. අප ශ්‍රී ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අනන්‍යය වූ ක්‍රමයක් තිබිය යුතුයි. ඊට හොඳම උදාහරණයක් ලෙස ඉන්දියාව හැදින්විය හැකියි. 1947 වන තුරු ඔවුන් විවිධ කොටස්වලට නොබෙදී එක් ජාතියක් ලෙස එකට ජීවත් වුණා.
ඕනෑම ගැටලූකාරි අවස්ථාවක දී, බාධාකාරී අවස්ථාවල දී ඔවුන් එක්ව ජීවත්වුණා. එය කාලීන අවශ්‍යතාවයක් ලෙස හැදින්විය හැකියි. ශ්‍රී ලංකාව යනු බහු ජාතීන් සිටින රටක්. අපේ රට තුළ විවිධ ප්‍රජාවන් සහ ජාතීන් සිටිනවා. අප එකට ජීවත් වනවා. නමුත් විවිධ ජාතීන් අතර එකිනෙකාට වෙනස් විවිධ සංස්කෘතින් තිබෙනවා. සිංහල ජාතිය මේ රටේ බහුතර ජාතියයි. ඔවුන් සතුව ආඩම්බර විය හැකි සංස්කෘතියක් තිබෙනවා. ලෝකයේ පවතින ලිඛිත ඉතිහාසයක් සහිත සංස්කෘතින්ගෙන් එක් සංස්කෘතියක් ලෙස සිංහල සංස්කෘතිය හැදින්විය හැකියි.
මහාවංශය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබද ලිඛිත සාක්ෂියයි. එහි එන සිද්ධීන් වර්තමානයේ දී සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකිවී තිබෙනවා. මහාවංශයේ එන ඇතැම් සිදුවීම් තුළ ඉන්දියාව පිළිබඳවත් සඳහන් වෙනවා. ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍යත්, ගෞතම බුදු සසුනේ ආරම්භයත් පිළිබඳව සඳහන් වෙනවා. ඒ ආකාරයෙන් බැü විට මහාවංශය ඉතා වටිනා ලියවිල්ලක්, එය යම් අයෙකුට සත්‍ය හෝ අසත්‍ය ලෙස වටහා ගැනීමටත් හැකියි.
ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාවට වසර 2000 ට වඩා පැරණි ආඩම්භර විය හැකි ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙනවා. එම ඉතිහාසය තුළ සිංහලයන් සමග දමිළ ජාතිකයන්ද ජීවත් වූ බව සඳහන් වෙනවා. හින්දු ආගම අදහන ශ්‍රී ලාංකික දමිළ ජනතාව, ඉන්දියාවේ සහ දකුණු ඉන්දියාවේ දමිළ ජනතාවට වඩා වෙනස් බවත් පැවසිය යුතුයි. ශ්‍රී ලාංකික දමිළ සහ සිංහල ජනතාව එකට ජීවත් වුණා. ඒ වගේම අප සටන් ඇති කර ගත් අවස්ථාත් තිබුණා.
ඒ වගේම ඉස්ලාම් ආගම වැළඳගත් ශ්‍රී ලාංකිකයන් මුස්ලිම් ජාතිකයින් ලෙස ජීවත් වුණා. අප රටේ ප්‍රධාන ජාතීන් 03 නිර්මාණය වුණේ ඒ ආකාරයටයි. එමෙන්ම අනෙක් ප්‍රධානම ආගම ලෙස ක්‍රිස්තියානි ආගමිකයන් ද අපේ රටේ එක් ප්‍රජාවක් ලෙස ජීවත් වුණා. මෙම සන්දර්භය තුළ අප එකට වාසය කරනවා.
ශ්‍රී ලංකාවේ ඒකීයත්වය ඇති වූ සහ නැතිවූ අවස්ථා පිළිබඳවත් මහාවංශයේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ ඒකීය භාවය බිඳවැටුණු අවස්ථාවකට හොඳම උදාහරණයක් ලෙස ථෙරවාදී සහ වෛතුල්‍යවාදී බෙදීම හැදින්විය හැකියි. එය දිගු කාලයක් පුරා පැවැති ගැටුමක් බවට පත්ව තිබුණා. ඉතිහාසය කියවීමේ දී ඔබට ඒ පිළිබඳව දැන ගැනීමට හැකියි.
පසුගිය දශක 03 පුරා ශ්‍රී ලංකාවේ යුද්ධයක් පැවතුණා. එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදීන් එක් පැත්තකින් සටන් කරන විට ඔවුන් මර්දනය කිරීමට ත්‍රිවිධ හමුදා කටයුතු කළා. ඒ ආකාරයට සිංහල හා දමිළ ජනතාව යුද්ධයේ දරුණුම අවස්ථාවල සටන් කරන විටදී වුවත් සිංහ ධජය අභියස අපි ශ්‍රී ලාංකිකයින් ලෙස පෙනී සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන්ට පන්දුව දමා ගැසීම පිළිබඳව අභියෝග කරන අවස්ථාවේ, මුරලිගේ නිර්දෝශීභාවය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව සියලූම ශ්‍රී ලාංකිකයින් පෙනී සිටියා. මුරලිට එසේ අභියෝග කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර එකමුතුභාවයක් ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වන මා මිත්‍ර ජෝන් හෝවර්ඩ්ට ඔහුට ස්තූතිවන්ත වුණා. මුරලිට ඔහු එල්ල කළ නිරන්තර චෝදනා හමුවේ සියලූම ශ්‍රී ලාංකිකයන් එකාවන්ව මුරලි වෙනුවෙන් පෙනී සිටියා.
ඒ ආකාරයට අප එකට සිටි අවස්ථාත්, බෙදී වෙන්වී කටයුතු කළ අවස්ථාත් බොහොමයක් තිබෙනවා. එය පාලනයකින් තොරව සිදුවන ක්‍රියාවලියක්. මෙලෙස විටින් විට සිදුවන ජාතීන් අතර බෙදීම්, ගැටුම් අප නතර කරන්නේ කෙසේද? ජාතීන් අතර එකමුතුව එක් සංදිස්ථානයකට ගෙන එන්නේ කෙසේද? මේ තාක් අප ලබා ඇති අත්දැකීම් අනුව අපට පෙනී යන්නේ එම ජාතීන් අතර එකමුතු භාවය ඇති කිරීම ලේසි පහසු කාර්යයක් නොවන බවයි.
රටේ ස්ථාවරත්වය ගොඩනැගීමට ඒකියභාවය අවශ්‍යයයි. ඒකීයභාවය නොමැති තැන අස්ථාවරත්වය ඇති වෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන්නේ මතවාදීමය ගැටළු නොවෙයි. ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන්නේ ජාතිවාදී බෙදීමක් බව අප අවබෝධ කර ගත යුතුයි. රටේ ස්ථාවරත්වය ගොඩනැගෙන්නේ ඒකියභාවය ඇති කළොත් පමණයි. දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වෙන්නේත් ඒ තුලින් පමණයි.
රට තුළ ස්ථාවරත්වය ගොඩනැගීමට නම් සැමට සාධාරණ නියෝජනයක් හිමි විය යුතුයි. මෙහෙයුම් කමිටු වාර්තාවලට අනුව අපි නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට තීරණය කළා. නමුත් අප ඇති කළ ක්‍රමය පළාත් පාලන මැතිවරණයේ දී දේශපාලන පක්ෂ විසින් සංශෝධනය කළා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස පලාත් පාලන ආයතනවල බහුතර බලය පවා කොපමණ කලක් පවතී ද යන්න පිළිබදව අවිනිශ්චිතභාවයක් ඇති වුණා. එම නිසා ආණ්ඩුව වසර 05 ක් බලය පවත්වා ගැනීම සඳහා වන ස්ථාවර ක්‍රමයක් පිළිබදව සිතා බැලිය යුතුයි එම ක්‍රමය සියළුම දේශපාලන පක්ෂ නියෝජනය වන සාධාරණ සහ ප්‍රමාණවත් ක්‍රමයක් විය යුතුයි. දේශපාලන ස්ථාවරත්වය සහ ඒකීයභාවය ගොඩ නැගීම සඳහා අප අනුගමනය කරන ක්‍රමය එයයි. මෙම ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තත්වයක් තුල
ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා වෙනවා. රටේ අගමැතිවරයා ලෙස මා පවා නිරන්තරයෙන් මාධ්‍යයේ විවේචනයට ලක්වීම අපේ රජය යටතේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් කඩවී නොමැති බවට හොඳම නිදසුනක් ලෙස හැදින්විය හැකියි. සාමකාමී මැතිවරණ පැවැත්වීම, සියලූ දෙනාටම මාධ්‍ය නිදහස හිමිවී තිබීම ආදිය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අපගේ අවසන් අරමුණට ළඟා වීමට නම් තවත් දියුණු කරගනිමින් මෙම තත්වය ඉදිරියට ගෙන යා යුතුයි.
රටක් ලෙස ඉදිරියට යන ගමනේ දී අප, අපේ ශක්තිය සහ සම්පත් හදුනාගත යුතුයි. විවිධ පුද්ගලයන් සතුව විවිධ අදහස් තිබිය යුතුයි. නමුත් මගේ අදහස නම් අප සතුව ප්‍රධාන සම්පත් දෙකක් තිබෙනවා. ඉන් පළමු
වැන්න මානව සම්පත වන අතර දෙවන්න රටේ භෞමික පිහිටීමයි. රටේ සංවර්ධනයේ දී මානව සම්පත ශක්තියක් බවට පත්වෙනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුව, ඩුබායි, දකුණු කොරියාව ආදී රටවල් සංවර්ධනයේ දී එම රටවල්වල මානව සම්පත දැවැන්ත ශක්තියක් වී තිබෙන්නේ එම ජනතාවට මනා අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඔවුන් නිසි ලෙස භාවිත කිරීම හරහායි. වර්තමානයේ ලෝකයේ තාක්ෂණික දියුණුවත්, මානව
සම්පත්වල ශක්‍යතා වර්ධනයට හේතුවී තිබෙනවා. වර්තමාන තාක්ෂණයේ සැබෑ ප්‍රයෝජනය රටක දියුණුව වෙනුවෙන් යොදා ගත හැකි වන්නේ ඉහල
මට්ටමේ මානව සම්පතක් ඇති රටකට පමණයි.
ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා දරණ වියදම ඉහල දැමුවත් එහි නිසි ප්‍රතිඵලය ලබාගැනීමට අපට හැකිවී තිබේ ද යන්න සැක සහිතයි. අධ්‍යාපනය වෙනුවෙන් අප දරණ වියදමෙහි නිසි ප්‍රතිඵලය ලබාගැනීමට
නම් විශාල කාලයක් ගතවෙනවා. මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස 1980 – 1981 කාලයේ ක්‍රියාත්මක කළ සැලසුම් වල ප්‍රතිඵලය දක්නට ලැබුනේ 1987 පමණ කාලයේයි.
අප රටක් ලෙස නිපුණත්වයක් දක්වන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ඒ හරහා ඉදිරියට යා යුතුයි. උදාහරණයක් ලෙස ඉංජිනේරු අධ්‍යාපනය සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ දක්ෂතා හැදින්විය හැකියි. මොරටුව විශ්ව විද්‍යාලය ලෝකයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ගණයේ වෘත්තිකයන් බිහිකිරීමට සමත් වී තිබෙනවා. නමුත් ගැටළුව වන්නේ මොරටුව විශ්ව විද්‍යාලය වැනි තවත් ආයතන ගොඩනගා නොමැති වීමයි. ඒ අනුව ඉංජිනේරු, වෛද්‍ය විද්‍යා
යන අංශ සදහා එවැනි උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම පිළිබදව අවධානය යොමු කළ යුතුයි. එවැනි ආයතන විශාල ප්‍රමාණයක් රටට අවශ්‍යයි. ඒ සදහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන ද අවශ්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල රාජ්‍ය ආයතන නොවන බවත් පැවසිය යුතුයි. හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වැනි විශ්ව විද්‍යාලවලට ශ්‍රී ලංකාණ්ඩුවටත් වඩා වත්කම් තිබෙනවා. නමුත් ඒවා ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර නොවෙයි. මෙවැනි විශාල අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ශ්‍රී ලාංකික දරුවන්ට ඒවායේ අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පහසුකම් අපට සැලසිය හැකිද ? ආසියාතික රටක් වශයෙන් අපට ආර්ථිකමය ප්‍රතිලාභ අත්කර ගැනීමට නම් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර ලෙස අධ්‍යාපන අංශයේ ගුරු පුහුණුව සහ වෘත්තීය පුහුණුව යන අංශ හැදින්විය හැකියි.
දැන් වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. අප සතු මානව සම්පතින් උපරිම ප්‍රයෝජන ගැනීමට නිසි පියවර ගත යුතුයි. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෞඛ්‍යක්‍ෂ්ත්‍රය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. මේ වන විට අප රට තුළ වියපත් ජනගහනය වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. එසේ නම් තම ජීවිත කාලය තුළ විවිධ රැකියා සඳහා යොමුවීමට අපට හැකිවිය යුතුයි. අප සමාජයට අවශ්‍ය පරිදි විවිධ රැකියා අවස්ථා නිර්මාණය කරනවා නම් ඔබට වයස අවු 70-75 දී වුවත් රැකියාවක නිරත වීමට හැකියාව ලැබෙනවා. අද පවතින තාක්‍ෂණයත් සමග එම තත්ත්වය ළඟා කර ගැනීමටත් හැකියාව තිබෙනවා. අප සෞඛ්‍ය සම්පන්න නම් අපට විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 70 කරන්නත් පුළුවන්.
ඉන්දියානු සාගර කලාපය ලෝකයේ වැදගත් කලාපයක් බවට පත්වෙමින් තිබෙනවා. එහි මධ්‍යගතව පිහිටා ඇති අපේ රට එම වාසිය උපයෝගී කරගන්නේ කෙසේද? අපේ නැගෙනහිරින් පිහිටා තිබෙන්නේ සංවර්ධිත ආසියාවයි. අප අයිති වන්නේ වර්තමානයේ දියුණු වෙමින් පවතින කලාපයටයි. ඒ වගේම බෙංගාල බොක්ක කලාපයත් වැදගත් කලාපයක් බවට පත්වෙමින් තිබෙනවා. චීනයේ යුන්නාත් හි සිට මියන්මාරය හරහා සමුèය මාර්ග බිහිවෙමින් තිබෙනවා. එසේ වැදගත්කමක් ඇති කලාපයේ කේන්ද්‍රගතව පිහිටා ඇති අප, එහි වාසිය ලබා ගත යුතුයි.
අප ඇති කරගෙන තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳව බොහෝ දෙනා කනස්සල්ලෙන් පසුවන බව පෙනී යනවා. නමුත් එම වෙළෙඳ ගිවිසුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ තවත් අවුරුදු 10-12 න් පසුවයි. මෙහි ඇති වැදගත්කම ජනතාවට අවබෝධ වන්නේ එවිටයි. අපි යුරෝපය සමග ජීඑස්පී ප්ලස් වෙළෙඳ පහසුකම් පිළිබඳ ගිවිසුමකට එළඹතිබෙනවා. එමෙන්ම ඉන්දියාවත් සමග එළඹ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමක් දක්වා පුළුල් කර තිබෙනවා. සිංගප්පූරුව සහ චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කිරීම තුළින් ස්පාඤ්ඤයේ සිට චීනය දක්වා වන රටවල වෙළෙඳපොළ ඉඩ ප්‍රස්ථාවන් අපට හිමි වෙනවා. ඒ වගේම කලාපීය ආර්ථික සහයෝගීතා හවුල්කාරීත්වය හරහා අපට ජපානය සහ ඉන් ඔබ්බෙහි පිහිටි වෙළෙඳපොළ ඉඩ ප්‍රස්ථා උදාකර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මීළඟ වසර 5-10 තුළ අප නව ශාන්තිකර ගිවිසුමට ඇතුළත් වීමට නියමිතයි. අප මෙම ගිවිසුමට සම්බන්ධ වන කාලය වන විට ඇමරිකාවත් මෙම ගිවිසුමට එළැඹිමට ඉඩ තිබෙනවා. එම නව ශාන්තිකර ගිවිසුම හරහා උතුරු ඇමරිකා කලාපය දක්වා අපගේ වෙළෙඳපොළ පුළුල් කිරීමට අවස්ථාව උදා වෙනවා. විශාල වෙළෙඳපොළ පරාසයකට ඇතුළු වීමට හැකියාව ලැබෙන එම ගිවිසුමට සම්බන්ධ වීම අත්‍යවශ්‍ය බව මාගේ හැඟීමයි.
අප දැන් ලෝකයේ වෙනත් රටවල් සමග සබඳතා පුළුල් කරමින් සිටිනවා. අප ඉන්දියාවේ ''අසල්වැසියාට ප්‍රමුඛත්වය'' යන ප්‍රතිපත්තියේ කොටස්කරුවෙකු බවට පත්වී සිටිනවා. ඒ වගේම ජපානයේ &ඣුඔට්;ස්ථාවර සාගර ප්‍රතිපත්තියෙත්'', චීනයේ ''එක් තීරයක් – එක් මාවතක්'' ප්‍රතිපත්තියේත් වැදගත් පාර්ශ්වකරුවෙකු බවට පත්වීමට සමත් වී සිටිනවා.
ජනාධිපතිතුමා මේ සති අන්තයේ ජපානයේ සංචාරයක නියැලීමට නියමිතයි. මෙම ප්‍රතිපත්තීන් ආසියාවේ දෛවය හැඩගස්වමින් සිටිනවා. ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය වශයෙන් අපි එම අවස්ථාවප්‍රයෝජනයට ගත යුතුයි. සීඝ්‍රයෙන් තරඟකාරී වන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදනවල අගය වැඩි කිරීමට ක්‍රමයක් සැකසිය යුතුයි. අපගේ ආර්ථිකය තව තවත් තරඟකාරී විය යුතුයි. මිලියන 03 ක ජනතාවකින් යුතු වෙළෙඳපොළක් හා ගැටීමට අපගේ භාණ්ඩ හා සේවා සැපයුම නව්‍යකරණයකට ලක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුයි. එය අපේ ආර්ථිකය මුහුණ දෙන තවත් අභියෝගයක්. අප සිව්වැනි කාර්මික විප්ලවය වෙත පියනගන්නේ කෙසේද? අප රොබෝ තාක්‍ෂණය සහ තොරතුරු තාක්‍ෂණය අපේ ආර්ථික දියුණුව වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද? අප මෙවැනි සැලසුම් ඇති කර ගත යුතුයි. එවිට ඔබට ශ්‍රී ලංකාව වෙනස් කළ හැකියි. බිලියන 1 ක ජනතාවක් වෙසෙන රටකට වඩා ලෙහෙසියෙන් මිලියන 25 ක ජනතාවක් වෙසෙන අපේ රට අපට නවීකරණය කළ හැකියි. එසේ කළ හැක්කේ අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ආර්ථික ක්ෂේත්‍රවල වර්ධනයක් ඇති කිරීම තුලිනුයි. අපගේ අනාගතය ගොඩනැගිය යුත්තේ ඒ අරමුණ ඔස්සේ යි.
අපගේ නිෂ්පාදන සහ සේවා අභිවෘද්ධිය වෙනුවෙන් අප කුමක් කළ යුතු ද ? ඊට අදාළ අපගේ ශක්තීන් සහ සම්පත් මොනවාද? ඒ වෙනුවෙන් අප නීතිඥයන්, ගණකාධීකාරීවරුන් වැනි උසස් වෘත්තිකයන් අප බිහි කරනවා. වෙනත් ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණ නිදහසේ සේවය කිරීමට සහ මෙහි පැමිණ විවේකය ගත කිරීමට හැකි පසුබිමක් අප නිර්මාණය කරන්නේ කෙසේද?
අනෙක් කාරණය නම් අපට අවශ්‍ය පුහුණුවලත් සහ කාර්යක්‍ෂම ශ්‍රම දායකත්වයක් අපේ රටේ ජනතාවගෙන් අප ලබා ගන්නේ කෙසේද? එය අප හමුවේ ඇති අභියෝගයක්. අර්ධ ස්වයංක්‍රීය තොරතුරු තාක්‍ෂණික යුගයක්
වන මේ යුගයේ අපි තාක්‍ෂණික දැනුමින් සන්නද්ධ ප්‍රජාවක් බිහි කරන්නේ කෙසේද?
මෙම අභියෝගය ජය ගැනීමට අප විසින් කළ යුතු වන්නේ අපගේ කර්මාන්ත සහ නිෂ්පාදන වඩාත් තරගකාරී බවකින් ඉදිරිපත් කිරීමයි. එවිට අපගේ වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමට අපට හැකි වෙනවා. අපගේ රසකැවිලි කර්මාන්ත අංශය නවතාවකින් යුතුව ඉදිරියට ගෙනයාම අවශ්‍ය වෙනවා. පුරාණයේ සිට සාදන ලද සීනිබෝල වෙනුවට බ්‍රිතාන්‍ය බිස්කට්, චොකලට් ආදී අලූත් නිෂ්පාදන වෙත යොමු විය යුතුයි. අපගේ ඇතැම් සීනිබෝල නිෂ්පාදන ලෝකයේ ඕනෑම වෙළඳපොළක තරගකාරී මිල ගණන්වලින් අලෙවි වෙමින් තිබෙනවා. එකම තිරිඟු ශාකයක්වත් මෙහි වගා නොකළත් ශ්‍රී ලංකාව ලෝකයේ තිරිඟු රිටි අපනයනය කරන රටවලින් එකක් බව ඔබ දන්නවාද? එවැනි කර්මාන්ත ශාලා දෙකක් මේ වනවිට අප සතු වෙනවා. අපි තිරිඟු ඇට ලබාගෙන ඒවා පිටි බවට හරවා අපනයනය කරනවා. නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ එක් පියවරක් වශයෙන් එය දැක්විය හැකියි.
වෙළෙඳ නගර සහ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ අප දක්වන කුසලතා පිළිබඳව ද අවධානය යොමු කිරීමට කැමැතියි. අනෙක් අතින් සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් දියුණුවෙමින් තිබෙනවා. එය අපට ඉතා හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාව, චීනය සහ ඕස්ට්‍රේලියාවේ සිටයි. මිලියන ගණනක් අප රට ආශ්‍රිතව සැරිසරනවා. අපි යුරෝපයෙන් තව තවත් සංචාරකයින් ආකර්ෂණය කරගන්නේ කෙසේද? එය ඉතා ලාභදායි කර්මාන්තයක්. එය අපට ගැලපෙන ක්ෂේත්‍රයක්. අපේ රට ඉන්දියාවේ පරිසර පද්ධතියට වඩා වෙනස් නිසා බොහෝ දෙනෙක් මෙහි පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි ආදායම් උපයන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි. අපි දක්‍ෂතා දක්වන චිත්‍ර, ප්‍රාසාංගික කලා ආදී ක්ෂේත්‍ර බොහෝමයක් තිබෙනවා. ඔබ දක්‍ෂ නම් ඔබට ආර්ථිකය උඩු යටිකුරු කළ හැකියි. කළමනාකරණ නිපුණත්වයත්, ලෝකයේ තරගකාරී බවට ඔරොත්තු දීමේ හැකියාවත් මත, අපගේ රටේ අනාගතය රැඳී පවතිනවා. මිලියන 25 ක ජනගහනයකින් යුත් රටක් වශයෙන් අපගේ සංවර්ධනය තිරසාර විය යුතුයි. ආර්ථිකය මෙන්ම නොබෝ කලකින් අපගේ ආණ්ඩුකරණය ද ''නීල හරිත''; විය යුතුයි.
ධරණීය සංවර්ධනය මත ක්‍රියාත්මක වන සමාජයක් ශ්‍රී ලංකාව තුළ ඇති වන්නේ එසේ වුවහොත් පමණයි. ඒ කාරණය සමග අනෙක් අවශ්‍යතා පිළිබඳව සලකා බැලිය යුතුයි. ඒවා නම් නිවාස ලබාදීම, ශීඝ්‍ර නාගරීකරණය සහ සමාජයේ මධ්‍යම පාන්තික ප්‍රජාවගේ ශීඝ්‍ර වෙනස්වීම් වේ. අද දක්නට ඇති තවත් අර්බුදයක් නම් දේශගුණික විපර්යාස මත අපගේ ආර්ථිකයට එල්ලවන බලපෑමයි. එනම්, හුදෙක් කෘෂිකර්මාන්තය මත පදනම්ව පවතින ආර්ථිකයක් අපට හිමිව තිබීම එයට හේතුවයි. පසුගිය වසරේ නියඟය හෝ ගංවතුර උවදුරු නොතිබෙන්නට අපගේ ආර්ථිකයේ 5% ක ප්‍රතිශතයකටත් වැඩි වර්ධනයක් පෙන්නුම් කරන්නට ඉඩ තිබුණා. ඒ අතින් බලන කල දේශගුණිකවිපර්යාස අපට දැඩි බලපෑම් එල්ල කරනවා. එසේ බලපෑම් එල්ල වන බව අප කල් ඇතිව දැනගත යුතුයි. එවිට ඒවාට හැඩගැසෙන අන්දම අප ඉගෙන ගත යුතුයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමා මා සමග පැවසුවේ පිලිපීනයේ ජනතාව අපට වඩා ඉතා අඩු ජල පරිමාවක් භාවිත කරමින් වී වගාවේ නිරතවන බවයි. අඩු ජල ප්‍රතිශතයකින් ඉහළ ගුණාත්මක නිෂ්පාදන ඵලදායිතාවක් කරා ළඟා වන්නේ කෙසේ දැයි අපි සොයා බැලිය යුතුයි.
මේවා අප හමුවේ තිබෙන විවිධ අභියෝග ලෙස දකින්නට පුළුවන්. ඔබ වැනි වෘත්තිකයන්ට මේ සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකියි. මේ සඳහා වූ අවකාශය අපි සලසා ගත යුතුයි. නමුත් අපගේ ආර්ථිකයෙන් එසේත් නැත්නම් අපගේ ආදායමෙන් වැඩි කොටසක් අප ලබා ගෙන ඇති ණය ආපසු ගෙවීම සඳහා වැය වෙනවා. ණය ගෙවීම් සහ වැටුප් ගෙවීම් සඳහා ආදායම වැය කළ පසු අනෙකුත් කටයුතු සඳහා ඉතිරි වන්නේ ඉතා සුළු මුදලක්. ඒ නිසා අප ආර්ථික කටයුතු වෙනුවෙන් අවශ්‍ය අවකාශය, ප්‍රාග්ධනය සපයා ගැනීමට නම් ඍජු විදේශීය ආයෝජන කරා යා යුතුයි. එපමණක් නොව, දියුණු තාක්‍ෂණය මෙන්ම වෙළඳපොළ විශේෂඥ දැනුම ලබා ගත යුතුයි. අපි අභියෝගයන්ට මුහුණ දිය යුතුයි. මේ වසරත් අපට දැඩි අසීරුතාවලට මුහුණපෑමට සිදුවන වසරක්. මක්නිසාද, මේ වසරේත් අපගේ ණය ගෙවීම් ඉතා ඉහළ අගයක් ගන්නවා. එනමුත් 2019 වසර වනවිට යහපත් දේශගුණයක් සමග අපට යහපත් කාලයක් උදාවෙන්න ඉඩ තිබෙනවා.
පසුගිය කාලය මුළුල්ලේ දේශගුණය අයහපත් වීම කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල කළා. සැපයුම් ක්‍රියාවලිය අඩපණ වුණා. භාණ්ඩවල මිල අහස උසට නැග්ගා. මේවා ජනතාවට දරාගත නොහැකි තත්ත්වයට පත්වුණා. ඇතැම් අවස්ථාවල එවැනි අසීරු තත්ත්වයන්ට රටක ආර්ථිකයකට මුහුණ පෑමට සිදුවෙනවා. එනම් ආර්ථිකය කළමනාකරණය කිරීම කඩිනමින් මුහුණදිය යුතු අභියෝගයයි. ඊට පසුව එය අවශ්‍ය පරිදි හැසිරවීම කළ හැකියි. අප රටේ අනාගතය රදා පවතින්නේ ඒ අනුවයි. මේ මූලික අවශ්‍යතා සපුරා ගත්විට අනෙකුත් අවශ්‍යතා නිරායාසයෙන් අප කරා එනවා. රට සැපයුම් කේද්‍රස්ථානයක් බවට නුදුරේදීම පත් කිරීම සඳහා අප කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන වරාය ත්‍රිත්වය කේන්ද්‍ර කර ගනිමින් වැඩ කටයුතු සිදු කරනවා. එය මූලික අරමුණයි.
තවද කොළඹසිට මාතර දක්වා වූ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කළා. රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුට අවශ්‍ය පරිදි එය ක්‍රියාත්මක කළා. අපි මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ
අනුව නුවර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ග ජාලයක් නිර්මාණය වීමට නියමිතයි. ඉදිවීමට නියමිත සියලූම යටිතල පහසුකම්වල ප්‍රාණ නාලිය බවට එවිට එය පත්වෙනවා. අපගේ ජනගහණය එම ප්‍රදේශවල ව්‍යාප්ත වීමත් සමග අපගේ ඉදිරි කටයුතු සිදුකරගෙන යා හැකියි. ඊට පසුව අපගේ අරමුණ වන්නේ එම මාර්ග පද්ධතිය නුවර සිට ත්‍රිකුණාමලය දක්වා ව්‍යාප්ත කිරීමයි.
එනම් මූලික වශයෙන් අපගේ යටිතල පහසුකම් ව්‍යාපෘති බොහොමයක් කේන්ද්‍රගතව ඇත්තේ නුවර සිට හම්බන්තොට දක්වායි. එම ව්‍යාපෘති රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජන මත ක්‍රියාත්මක වෙනවා. මූලික වශයෙන් අපගේ සැපයුම් ශක්‍යතාව දක්‍ෂිණ වෙරළ තීරයේ දී උපයෝගි කොට ගන්නවා. ඉන් අනතුරුව බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය වීමත් සමග එය අප ත්‍රිකුණාමලය දක්වා පුළුල් කිරීමට අපේක්‍ෂා කරනවා. අපි අපගේ අනාගතය සැලසුම් කොට තිබෙන්නේ මේ ආකාරයටයි.
මේ සියල්ල සමග අප කල්පනා කළ යුතු වැදගත් කාරණය නම් ආර්ථික දියුණුවේ වාසිය ජනතාව වෙත ගෙන යන්නේ කෙසේද යන්නයි. අපගේ ජනතාව අත මුදල් ගැවසෙන ශක්තිමත් පාරිභෝගික සමාජයක් අප ගොඩනැගිය යුතුයි. සාමාන්‍ය පුරවැසියා එනම් ශ්‍රමිකයා, ගොවියා සහ මධ්‍යම පාන්තිකයා සතුව මුදල් ගැවසිය යුතුයි.
මේ අනාගත අරමුණ වෙනුවෙන් අප වැඩ කළ යුතුයි. එය පහසු ගමනාන්තයක් නොවෙයි. එය අසීරු ගමනාන්තයකුත් නොවෙයි. එය බෙහෙවින් අසීරු ගමනාන්තයක්. නමුත් එය තරණය කිරීමේ අධිෂ්ඨානය අප සතුවිය යුතුයි.