මෙය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමින් යුත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බව කථානායකවරයා සඳහන් කළේය.
යල් පැන යමින් තිබූ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 24 කට පසුව සංශෝධනය කිරීම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය බලගැන්වීමක් බවත්, එමෙන්ම දිගුකලක් පුරා කතාබහට ලක් වූ මන්ත්රී ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුව තුලින්ම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම අනාගතයේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට මඟ පාදනු ඇති බවත් මෙම සුවිශේෂී ප්රතිසංස්කරණය සදහා දායක වූ සැම ගෞරවනීය කාර්යභාරයක කොටස්කරුවන් ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වනු ඇති බවත් කථානායකවරයා සදහන් කළේය.