නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල්දෙණිය හා දිගන තත්ත්වය ගැන සභාව කල්තැබීමේ විවාදයක්

    මාර්තු 06, 2018

    මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශයේ ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනිණි.

    න්‍යාය පත්‍රයේ තිබූ කටයුතු හෙට දිනට කල්තැබීමට කටයුතු කළ අතර සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස ඇති වී තිබෙන ත්ත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් කිරීමට සභාවේ අනුමැතිය හිමිවිය.

    ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා විසින් සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය.

    ගැටුම්කාරී රටක සුබවාදී අනාගතයක් නිර්මාණය කළ නොහැකි බවත් එබැවින් ජාතිවාදය අප ප්‍රතික්ෂේප කළ  යුතු බවත් රට තුළ ජාතිවාදී දේශපාලනය නැති කිරීමට කටයුතු කළ යුතුයි. ජාතික සමගිය රටේ පොදු දේශපාලනය බවට පත් කළ යුතු යැයි ද යෝජනාව ඉදිරිපත්කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya