"පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ පිරිවෙන් සංවර්ධන වැඩසටහන යටතේ මෙම පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකර තිඛෙන අතර ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 120ක් වුවද ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුකළ මෙම ඉදිකිරීම් සදහා වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ 69 කි.
විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිරිවෙන් 15 ම පුස්තකාල සදහා අවශ්‍ය පොත් කට්ටල ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය, ධර්මරාජ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය අරමංගොඩ ජෝති රතන නායක ස්වාමින් වහන්සේ, පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවල ඥානරතන ස්වාමින් වහන්සේ, උතුරුමැද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මාවතවැවේ රතනවංශ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත මහතා ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )