මෙම සම්මාන උළෙලේ දී විදුලිය හා යාන්ත්‍රික සේවා, සිවිල් ඉංජිනේරු, හරිත ඉදිකිරීම්, ඉදිකිරීම්, පරිසර හිතකාමී නව්‍යකරණ තාක්ෂණ යන අංශ යටතේ ජාතික සම්මාන හා කුසලතා 32ක් පිරිනැමීමට නියමිතය.
2017 - ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්රයේ විශිෂ්ට දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබයි.