මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමාන බුද්ධ ශාසනයට විශාල සේවයක් කළා - අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් සිදු කළ සේවය ඉදිරියට ගෙන යා යුතුයි

    පෙබරවාරි 24, 2018

    අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් සිදු කළ සේවය ඉදිරියට ගෙන යා යුතු බවත් උන් වහන්සේගේ අපවත්වීම මකාදැමිය නොහැකි පාඩුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා අද (24) අනුරාධපුරයේ දී මේ බව 
    පැවසීය.

    මිහිදු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ බුදු සසුන ආරම්භ කිරීමෙන් පසුව දේවානම් පියතිස්ස රජතුමා මහමෙව්නාව සංඝරත්නයට පූජා කළා .ඒ සමඟ එක් එක් තැන්වල විහාරස්ථාන ඇති වුණා. තෙරුන්වහන්සේලාගේ ධර්මය ලොව පුරා පැතිරුණා.

    අනුරධපුර රජරට පිරිහීමෙන් පසු හරිස්චන්ද්‍ර මැතිතුමා යළි අනුරාධපුර ප්‍රතිසංස්කරණ යළි ආරම්භ කළාට පසුව ඒ  සම්ප්‍රදාය අනුගමනය කරමින් අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුරාධපුරයට 
    වැඩමකරලා, සාරානන්ද පිරිවෙන ආරම්භ කරලා, උන් වහන්සේගේ ජීවිත කාලයේ දී විහාරස්ථාන ගණනාවක් ලංකාවෙත් ,ඉන්දියන් අර්ධද්වීපයෙත්,ඕස්ට්‍රේලියාවෙත් පිහිටෙව්වා.

    මේ පිරිවෙනෙන් දහස් සංඛ්‍යාත සංඝයා වහන්සේලාට අධ්‍යාපනය ලබා දීලා, සාරානන්ද සඟ පරම්පරාවට ආඩම්බර විය හැකි අලුත් සඟ පරපුරක් උන්වහන්සේ බිහිකළා. අපේ හදවතේ මතකයක් තිබෙනවා, ගිරාඹේ ආනන්ද හිමියන් කවුද කියලා, කළ සේවය ගැන. උන් වහන්සේ විශාල සේවයක් කළා. උන් වහන්සේට කළමනාකරණ ශක්තියක් තිබුණා. විශිෂ්ඨ නායකත්ව ශක්තියක් උන් වහන්සේට  තිබුණා. උන් වහන්සේ ලංකාවේ බුදු සසුනටත් විශාල සේවයක් කළා.

    උන් වහන්සේගේ සේවය අප අගය කරනවා. බුද්ධාගමට බලපාන කරුණු ගැන උන්වහන්සේ බිය නොමැතිව කතා  කළා. උන් වහන්සේ දේශනා කළා. බුද්ධ ශාසනය ගැන, බුදු දහම ගැන හොඳ දැනුමක් මෙන් ම අන්‍ය ආගම් ගැනත් දැනුමක් තිබුණා. වෙන ආහමකට හෝ ජාතිකයකට හානියක් කළේ නෑ.බුදු හිමියන්ගේ ධර්මය අනුව උන් වහන්සේ ජීවත් වුනා.


    උන් වහන්සේ සමාජ නායකත්වය ලබාදුන්නා. අනුරාධපුරයේ හිදිමින් දුප්පත් පළාත් වල දුප්පත් ගම්මානවලට වන්නියට උන්වහන්සේගේ අවධානය යොමු කළා. උදව් කළ ගම්මාන ගණනාවක් තිබෙනවා. ගම්මාන දියුණු 
    කළා.


    උන් වහන්සේ දේශපාලනයේ දි නායකත්වය ලබා දුන්නා. මට උන් වහන්සේ මුණගැසුනේ,අධ්‍යාපන ඇමැති ලෙස පිරිවෙන් පාලනය කරද්දි සාරානන්ද පිරිවෙන ගැන සාකච්ඡා කරන්න මා මුණගසෙන්න ආව මොහොතෙයි. ඒ සම්බන්ධය උන් වහන්සේ සමඟ තියා ගත්තා. අගමැති වූ පසු උන්වහන්සේ ළඟින් ඇසුරු කළා. උන් වහන්සේ මට විශාල ශක්තියක් වුණා. උදව් උපකාර කළා.උපදෙස් දුන්නා. මාව විවේචනය කළා. උන් වහන්සේට එවැනි ශක්තියක් තිබුණා. උන් වහන්සේ ඉදිරියට ගියා. නායකත්වය දුන්නා. කිසිවෙටෙක නැමුනේ නෑ.


    යහපාලන ව්‍යාපාරයට නායකත්වය බාරගෙන උන් වහන්සේ ඉදිරියට ගියා. උන් වහන්සේ ඒ අභියෝගය බාර ගත්තා. උන්වහන්සේ නැතිවීම විශාල පාඩුවක්. මට උපදෙස් දෙනවා. මින් පසු උන්වහන්සේගේ උපදෙස් ලැබෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ ප්‍රශ්න ගැන කියන්න මට කටහඩ ඇසෙන්නේ නෑ. මට එය මකාදැමිය නොහැකි පාඩුවක්. උන් වහන්සේ කළ සේවය මතක් කළ යුතුයි. එම සේවය ඉදිරියට ගෙන යා යුතුයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    මේ අවස්ථාවට මහා සංඝරත්නය, කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya