අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සංහිදියා නාලිකාවේ" විකාශන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ...

    පෙබරවාරි 21, 2018

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන "සංහිදියා නාලිකාවේ" විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ්‍රයේදී පැවැත්විණි.

    රට තුළ ජාතික සංහිදියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිදියා නාලිකාව ආරම්භ කර තිඛෙන අතර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි. 

     අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, කාදර් මස්තාපා යන මහත්වරුන් සහ විදෙස් තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වෙතන්ත්‍රී, ක්‍රියාකාරී අධ්‍යක්ෂ අමල් ගජමන්ගේ යන මහත්වරුන් ඇතුථ කාර්ය මණ්ඩලය මිට එක්ව සිටියහ. 

     ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya