මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්- අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

    පෙබරවාරි 19, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන අචාර ධර්ම තුළින් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන බවත් පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ
    කළේ ය.

    සම්පත් සැම දෙයක්ම තියෙන වාසනාවන්ත භූමිය අපේ රටයි. විනයයි ,කැපවීමයි,අවංක කමයි රටකට අවශ්‍යය. මනස හැදෙන්නේ නැති සමාජයක් හදන්න බැහැ. ඓතිහාසික පනත් දෙකක් ගේන්නේ. ආචාර ධර්ම පද්ධතිය,
    ස්ථාවර නියෝග ගේන වැඩපිළිවෙල සතුටුදායකයි.

    සංවරයක් ලෙස වාද විවාද කළ හැකියි. අචාර ධර්ම තුළින් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. නීතිය නිසි ලෙස රටේ ක්‍රියාත්මක කළ යුතු බවත්
    අමාත්‍යවරයා පවසා සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya