අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලයට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ ස්ථාවර නියෝග තුළින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් වෙනවා

    පෙබරවාරි 19, 2018

    ආචාර ධර්ම පිළිබඳ කාරක සභාව ශක්තිමත් කරන බවත් කාලයට ගැළපෙන ලෙස යාවත්කාලීන කරන ලද ස්ථාවර නියෝග තුළින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් වන බවත් ආචාර ධර්ම පද්ධතිය හරහා සාමාන්‍ය පුරවැසියන්ට වඩා මන්ත්‍රීවරුන් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ
    පැවසීය.

    විවාදයේ දී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය

    චර්යා ධර්ම හා ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම ගැන විවිධ අඳහස් මත ඉදිරිපත් වුණා. අවසානයේ  එකඟතාවයට පත් වීමට හැකි වුණා. සංශෝධන පුළුල් හා වැදගත් හා නවීන කාලයට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන සතුටු වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව රූපවාහිනියෙන් පෙන්වීමට හා විද්‍යුත් ක්‍රම මඟින් විකාශය කරන්න කටයුතු කළා. මේ පිළිබඳව ස්ථාවර නියෝග අලුතින්  හඳුන්වා දුන්නා . එය වැදගත් පියවරක්. පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉහළ ප්‍රමිතියෙන් යුක්තව, මහජනතාවට පාර්ලිමේන්තුවේ කටයුතු දැනගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. ප්‍රගතිශීලී සංශෝධනයක්.

    පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබුණා. පාර්ලිමේන්තුවේ වටිනාකම සමාජයේ ඉහළ ගියා. සෑම මාසයකදී ම මිනිත්තු තිහක කාලයක් අග්‍රාමාත්‍යවරයාගෙන් පිළිතුරු ලබාගැනීමට කාලය වෙන් කර තිබෙනවා. මෙය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කළ සම්ප්‍රදායක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. පුරවැසියා හා පාර්ලිමේන්තුව මෙයින් ශක්තිමත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් වැදගත් සම්ප්‍රදායක් ඇති කර තිබෙනවා.

    නිශ්චිත ක්‍රියාදාමයක් ස්ථාවර නියෝගවලින් හඳුන්වා දී ,පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකිලා තිබෙනවා. අවිනිශ්චිතතාවයක් ඉවත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අතුරු ප්‍රශ්න ඇසීම, ප්‍රශ්න දෙකකට සීමා කර
    තිබෙනවා. විශේෂ කාර්යයන් සඳහා කාර්යසභා නම් කර තිබෙනවා.ආචාර ධර්ම පිළිබඳ කාරක සභාව අප ශක්තිමත් කරනවා.ආචාර ධර්ම පද්ධතිය හරහා සාමාන්‍ය පුරවැසියන්ට වඩා මන්ත්‍රීවරුන් ආදර්ශවත් ලෙස  කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබෙනවා. ජනතාවට අයිතියක් තිබෙනවා මන්ත්‍රීවරය පිළිබඳව දැනගන්න. මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න කිරීමට අයිතියක් නෑ. අද දේශපාලඥයන් සමාජයේ පිළිකුලට ලක් වෙලා. එසේ සිදු වී තිබෙන්නේ, පුරවැසියා හා මහජන නියෝජිතයා දුරස්වීමයි. පාර්ලිමේන්තු චර්යා ධර්ම සංග්‍රහය ඉතා වැදගත්. යහපාලන රජය ප්‍රතිපත්තියක් ලෙස මෙය හදුන්වාදුන්නා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya