අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි ...

    ජනවාරි 19, 2018
     
    ශ්‍රී ලංකාව හා පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්  දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රෙජ්න්ද්‍ර චෙත්‍රී (General Rajendra Chhetri) මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
    ජාතිය ගොඩනැගීමේහිලා දෙරටේ හමුදාවන් හි දායකත්වය, ජාතික ආපදා අවස්ථාවන්වලදී ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම මෙන්ම පුහුණ අවස්ථාවන් සදහා ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
    විශේෂයෙන්ම නේපාලය පසුගියදා මුහුණදුන් දරුණු භූමිකම්පා අවස්ථාවේදී ශී්‍ර ලංකා යුද හමුදාව විසින් ලබාදෙන ලද ක්ෂණික සහන ඉතා ඉහළ මට්ටමක පැවතුන බව ස`දහන් කළ නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ඒ පිළිබදව නේපාල රජයේ ස්තූතිය ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.
    ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අතීතයේ පටන් පවතින ආගමික, සංස්කෘතික සහ සාමාජයීය සබදතාවයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී එම සබදතාවයන් තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සදහන් කළේය.
    දෙරටේ හමුදාවන් අතර පුහුණු අවස්ථාවන් සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විශේෂයෙන්ම ජාතික ආපදා අවස්ථාවන්ලට මුහුණදීමේදී මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩළීමේදී එය ඛෙහෙවින් වැදගත් බව සදහන් කළේය.
    හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya