අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී වටපිටාවක් ඇති ශ‍්‍රී ලංකාව විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන - පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී

    ජනවාරි 18, 2018

    ඉතාමත් සාමකාමී වටපිටාවක් ඇති ශ‍්‍රී ලංකාව විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බව  පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා මහතා පැවසීය.

    ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ මේ බව සදහන් කර සිටියේය.

     

    ලොව අන් රටවල් පාකිස්ථානයෙන් දුරස් වෙමින් සිටි අවස්ථාවකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ කළ ඓතිහාසික සංචාරය සිහිපත් කළ ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා මහතා ශ‍්‍රී ලංකාව පාකිස්ථානයේ සැබෑ මිතුරකු වන බව ද සඳහන් කළේ ය.

     

    ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති දීර්ග කාලින සම්බන්ධතාව මෙහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා විශේෂයෙන් පසුගිය යුද සමයේදී ශ‍්‍රි ලංකා හමුදාවට පුහුණුවීම් ආදියෙන් විශාල සහයෝගයක්ලබාදීම සම්බන්ධයෙන් පාකිස්ථානු රජයට තම ස්තූතිය පළ කළේ ය.

     

    එසේම ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ හදිසි ආපදාවලදී පාකිස්ථානයෙන් ලැබුණු පරිත්‍යාගශීලී සහය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, දෙරට අතර සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීමට ශක්තියක් සැපයීම පිළිබඳව ද තම ප‍්‍රසාදය පළ කළේ ය.තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී පාකිස්ථානය ශ‍්‍රි ලංකාවට ලබාදුන් සහයෝගය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයිමට
    ලක්විය.


    පාකිස්ථානයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කළ පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී පාකිස්ථානය තුළ සාමය තහවුරු කිරීමට දැඩි පරිශ‍්‍රමයක් දරන බවත්  නුදුරේදීම එහි යහපත් ප‍්‍රථිපලයක් දැක ගැනීමට හැකිවනු ඇති බවත් කියා සිටියේය. ශ‍්‍රී ලංකාවේ හමුදාවේ වෘත්තීයභාවය ඉතාමත් අගය කළ පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් කමාර් ජාවඩ් බජ්රා මහතා ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප‍්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බවට ද ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේ ය.


    ඉතා සුහද අන්දමින් පැවති මේ සාකච්ඡාවට ශ‍්‍රී ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහ්මඩ් හෂ්මට්මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya