මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරලා ඇතුළත්මුදලි මහත්මිය ජනපති හමුවෙයි

    ජනවාරි 07, 2018

    රටට ඉමහත් සේවයක් සිදුකළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.

    නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කළ සහ ජාතිය ගොඩනංවන පුළුල් මෙහෙවරක් උදෙසා කැපවන්නට සිටී තම පියාගේ දේශපාලන ගමන් මහ මෙහිදී සිහිපත් කළ සරලා අතුළත්මුදලි මහත්මිය අද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ළුාපිත කරමින් ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර පිළිබද සිය ප්‍රශංසාව පළ කළාය.

    එමෙන්ම ජනාධිපතිතුමා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ඕනෑම අවස්ළුාවක තම සහය ලබාදීමට සූදානම් බව ද ඒ මහත්මිය කියා සිටියාය.

    ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙද, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විය.

    මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එතුමා අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු වඩාත් ජනතාව අතර ප්‍රකට වූයේ මහපොළ ශිෂ්‍යධාර ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙසිනි.

    රටත්, ජාතියත් වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකරමින් සිටියදී 1993 අප්‍රෙල් මාසයේදී එතුමා සහසික වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya