මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලන්කන් සහ මිහින් ගුවන් සේවා සඳහාත් කොමිසමක්

    දෙසැම්බර් 24, 2017
    රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳ ව සොයා බැලීමට නව කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    යහපත් දේශපාලන සංස්කෘතියක් මතු පරපුර වෙනුවෙන් උරුම කරදීමේ වගකීම කවුරුන් හෝ ඉටු කිරීම අද ජාතියේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇති අතර, තමා එම යුග මෙහෙවරට උරදී සිටින විට රටට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒ වටා ඒකරාශිවනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දින පැවැති රැස්වීමක් අමතමින් මේ බව පැවසීය.
     
    රාජ්‍ය බලයෙන්, ධන බලයෙන් හෝ නිල බලයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා නව මැතිවරණ ක‍්‍රමයට අනුව එය බුද්ධියෙන් ජයග‍්‍රහණය කළයුතු මැතිවරණයක් බව ද කියා සිටියේය. යම් අපේක්ෂකයෙකුගේ හැසිරීම, චරිතය සහ ජනතා පිළිගැනීම පැහැදිළිව ඔහුගේ ජයග‍්‍රහණයට හේතු වන බවද සඳහන් කළ ජනාධිපතිතුමා රටට ආදරය කරන සැබෑ චරිතවත් මහජන නියෝජිතයින් පිරිසක් මෙවර මැතිවරණයේදී ජයග‍්‍රහණය කරනු ඇති බවද සඳහන් කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya