අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් පාලමක්

    දෙසැම්බර් 21, 2017

    කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් මාර්ගයක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජගිරියේ දී පැවසීය.

    එම ගුවන් මාර්ගයේ දිගුවක් ලෙස රාජගිරිය, එච්.එස්.බී.සී. ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අද (21) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

    රටේ ආර්ථික සංවර්ධනය සඳහා මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙන බැවින් ඊට විසඳුමක් ලෙස කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම රජයේ අරමුණ බව ද අවධාරණය කළේය.

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    " මෙරට ජනතාවගේ ගමනාගමන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික රජය රාජගිරිය ගුවන් පාලමේ වැඩ කටයුතු ආරම්භ කළා. වර්තමානයේ දී කොළඹනගරාශ්‍රිතව විශාල වාහන තදබදයක් තිබෙනවා. අප මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ එම කාරණය හොඳින් අවබෝධ කර ගෙනයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදීයි. දෙපසට තීරු දෙක බැගින් වෙන වෙනම ඉදිකරනවා වෙනුවට එක් වරම මංතීරු හතරම ඉදිකරන්නට අප තීරණය කළා.

    එම නිසා අපට 2018 ජනවාරි මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම පාලම විවෘත කිරීමට හැකියාව ලැබෙනවා. තීරු හතරම එක් වර ඉදිකිරීමට තීරණය කෙරුණු නිසා මේ ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති වුණා. අපි ඒ කාරණය පිළිගත යුතුයි. නමුත් එම තදබදය කෙටි කලකින් අවසන් වී ගමන් පහසුව සැලසීමට හැකියාව ලැබෙනවා. මෙම පාලම ඉදිකිරීමේ දී වානේ කඳන් භාවිතා කළ නිසා අපට ඉක්මනින්ම පාලමේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට හැකියාව ලැබුණා.

    මෙරට මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. එම නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇති වෙනවා. එම ප්‍රශ්න විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍යයි. මේ ආකාරයටම කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකරනවා. එම මාර්ගයේ කොටසක් ලෙස රාජගිරිය එච්එස්බීසී ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකරනවා. මෙවැනි මාර්ග ගණනාවක් ඉදිකිරීමට අප කටයුතු කරනවා.

    රටේ ආර්ථිකය දියුණු වීමේ දී මාර්ග පහසුකම් අතශ්‍යවශ්‍යයි. සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම අපේ අරමුණයි. මහනුවර සිට හම්බන්තොට දක්වාම සීඝ්‍රයෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ඉදිකිරීම අපේ බලාපොරොත්තු වී තිබෙනවා. එමෙන්ම තවත් බලාපොරොත්තුවක් වන්නේ කොළඹනගරයේ සහ මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරීමයි. අපගේ නව මාර්ග ඉදිකිරීමේ වැඩසටහන නිසා එම නගරවල තදබදයන් බෙහෙවින් අඩුවේවි. මීට අමතරව සැහැල්ලු දුම්රිය යෙදවීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. මේ සියලුම දේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍යයි.

    වාහන තදබදය නිසා ආර්ථිකයට වන හානිය අප හොඳින්ම අත්දැක තිබෙනවා. එමෙන්ම සමාජ ජීවිතයටත් විශාල කරදරයක් වී තිබෙනවා. එම සියලු කරුණු අවබෝධ කර ගෙන ක්‍රමානුකූලව ඊට විසඳුම් සෙවිය යුතුයි. මාර්ග තදබදය වැඩි වූ විට බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන්නේ ආණ්ඩුවටයි. එම සාමාන්‍ය තත්ත්වයක්. එම නිසා මෙම තදබදයට විසඳුම් ලබාදීමට අප ක්‍රියා කරනවා.

    මේ සියල්ල මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා මධ්‍ය කාලීන පියවර බව කිව යුතුයි. මෙම වැඩ කටයුතු සිදු කරන්නේ නැතිනම් තරුණ තරුණියන්ට අනාගතයක් නැහැ. එක් අතකින් අප රට ණය බරින් නිදහස් කර ගත යුතුයි. අනෙක් පැත්තෙන් අප ණය ලබා ගෙන කරන ව්‍යාපෘතිවලින් සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ ඒ අරමුණ මූලික කර ගෙනයි. මේ වන විට රැකියා ලක්‍ෂ තුනහ මාරක්, හතරක් පමණ බිහි කර තිබෙනවා. නිවාස ඉදිකරමින් සිටිනවා. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරනවා. මේ සියලූ තීරණ සංවර්ධනයේ කොටසක් බව කිව යුතුයි. මෙම අඩිතාලම යොදන්නේ නැතිනම් අප බලාපොරොත්තු වන වෙනස ඇති කළ නොහැකියි. ආර්ථික, දේශපාලන, සමාජයීය වශයෙන් විශාල වෙනසක් ඇති කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ආර්ථික අංශයේ වෙනසක් ලෙස රාජගිරිය ගුවන් පාලම හැදින්විය හැකියි. මෙම ගුවන් පාලම නිසා මේ ප්‍රදේශයේ වාහන තදබදයට විසඳුමක් ලැබේවි.  "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya