අද (11) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභපතිවරයා මෙසේ පැවසීය.
රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ණය ආපසු අයකරගැනීමේ දී ගැටළු පැනනගින් බව කී අමාත්‍යවරයා, ස්ථාන මාරුවීම්, විදෙස් ගතවීම්, වැඩතනමට ලක්වීම් ඊට මූලික හේතු වී ඇතැයි ද ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවද පැවසීය.
ආයතන 35ක රාජ්‍ය ගිණුම් ඉදිරිපත් කර ඇත. එහි විශේෂ නිරීක්ෂණ 16ක් ද නිගමනයන් හා නිරීක්ෂණ 256ක් ද පොදු නිරීක්ෂණ ද ඇතුළත් කර ඇත. මෙහිදී අඳහස් දැක්වූ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තවදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවය.
මෙම මාධ්‍ය හමුවට එක් වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා, රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සකස් වෙමින් පවතින බව සඳහන් කළේ ය.