අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය සමිති මැඩ පවත්වන්න කටයුතු කරනවා කීම වැරදියි- රටේ ජනතාවට සේවය ලබාදිය යුතුයි

    දෙසැම්බර් 11, 2017

    දුම්රිය වෘත්තීය සමිති කළ ඉල්ලීම් වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග රජය ගත් බවත් එකඟතාවයට පිටින්  වෘත්තීය ක්‍රියාමාර්ග ගත් බවත් රටේ ජනතාවට සේවය ලබාදිය යුතු බවත්, සෑම ප්‍රශ්නයක් ම සාකච්ඡා කර විසඳාගත හැකි බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දුම්රිය මඟීන් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනවා.දුම්රිය සමිති මැඩ පවත්වන්න කටයුතු කරනවා කියන කතාව වැරදියි. මේ අසාධාර්ණ ඉල්ලීම්වලට සාකච්ඡා තුනක් කළා. දුම් රිය රියදුරු සහයකයන් සුදුසුකම් නොමැති
    අය බඳවා ගන්න කියනවා. අවසාන වශයෙන් පසුගිය 06 දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගියා. මාම එපා කිව්වා. ජනධිපති කේකම් සමඟ සාකච්ඡා කරනවා කිව්වා.
    පැය හතර හමාරක් සාකච්ඡා කළා. එකඟතාවයට පත් වූ ලිපිය සභාවට ඉදිරිපත් කරනවා. වෘත්තීය සමිති ලේකම් ද මෙහි අත්සන් කර තිබෙනවා. 08 වෙනිදා අත්සන් කළා. නැවත වර්ජනයට ගියා.  


    පඩි ප්‍රශ්නය ගැන කැබිනට් පත්‍රයක් දැම්මා.දුම් රිය සේවයේ වැටුප් සමාලෝච්නය කරන්න. මේ වැටුප් තල ක්‍රියත්මක් වුණොත් අනෙක් සේවා එක්ක ගැටළු ඇති වෙනවා. සති දෙකක් කල්දමා වැටුප් කොමිෂමත් එක්ක
    සාකච්ඡා කර තීරණයක් ගනු කිව්වා.ඒ අවස්ථාවේ පැවසුවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැයක සකච්ඡාවක් දුන්නා.එකඟතාවයට ආවා. ඊට පසුව එළියට ඇවිත් විරුද්ධ වීම නිසා අත්‍යාවශ්‍ය සේවයක් කරන්න සිදු වුණා.

    රජයක් ලෙස කරන්න දෙයක් නෑ. ප්‍රශ්නයට වෙන විකල්පයක් නෑ.අද දුම්රිය ගමන්වාර 20 ක් ධාවනය කළා. හෙට විභාගය පටන් ගන්නවා. කාර්යාල දුම්රිය ගමන්වාර 50ක් ගේන්න බලාපොරොත්තු වෙනවා.රටේ ජනතාවට සේවය ලබදෙන්න ඕන.
    රුපියල් 22000කින් පඩි වැඩි වෙලා. අතිකාල සමඟ 2,26000ක් ගන්නවා. පැය අටක විවේක කාලයක් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තියාගෙනයි වැටුප් තල සාකච්ඡා කරන්නේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya