මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඳුකර සංවර්ධනය කඩිනම් කිරීමට කඳුකර සංවර්ධන අධිකාරියක්

    දෙසැම්බර් 07, 2017

    කඳුකර ජනතාවට අවශ්‍ය සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා කඳුකර සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා
    පවසයි.

    අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

    වතු කම්කරු ජීවිතය උසස් කිරීමට මෙම අමාත්‍යාංශය නිර්මාණය කළා. යහපාලන රජය යටතේ වතු කම්කරුවන්ට අවශ්‍ය නිවාස සපයා දීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය වෙමින් පවතිනවා. ලයින් කාමර වෙනුවට විශේෂ නිවාස
    ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

    2018 නිවාස 64ක් සඳහා ඉඩම් බලපත්‍ර ලබාදීමට කටයුතු කරනවා. තවත් 3000කට ඉඩම් ඔප්පු ලබදෙනවා. 6000ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. අනාගතයේ වතු කම්කරු ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමට
    දිස්ත්‍රික්ක 18ක නිවාස යෝජනා ක්‍රියාත්මක වෙනවා. වතු ප්‍රදේශවල නාය යැම්වලට හසුවන නිවාස සඳහ විකල්ප නිවාස ලබාදෙනවා. ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 1300ක වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඉන්දීය නිවාස යෝජනා ක්‍රමය දිස්ත්‍රික්ක පහක ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. නිවාස 10,000ක් නිර්මාණයට මූල්‍ය ආධාර ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබදී තිබෙනවා. ඔවුන් වෙත යටිතල පහසුකම්
    ලබාදීමටත් නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya