අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන්ට භාෂා පුහුණුව අඛණ්ඩව - භාෂා සහයකයින් 3000ක් රාජ්‍ය සේවයට

    දෙසැම්බර් 07, 2017

    රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ලබාදෙන භාෂා පුහුණුව අඛණ්ඩව සිදු කරන බවත් මේ වනවිට රාජ්‍ය නිලධාරීන් 30,000කට භාෂා පුහුණුව ලබාදුන් බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේෂන් මහතා පවසයි.

    ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    අප රටේ ජාතික සංහිදියව ගොඩ නැගීම අපහසු කාර්යයක් නොවේ. උතුරු නැඟෙන හිර ජනතාවට වතුකරයේ ජනතාවට රටපුරා ජීවත් වන සියලු ජනතාවට යහපත් පණිවුඩයක් තිබෙනවා සංහිදියාව සම්බන්ධයෙන්. භාෂා අධ්‍යාපන ආයතනය උපාධිය ලබාදෙන ආයතනයක් වශයෙන් පත් කරන ලෙස වූ යෝජනා අනුව කටයුතු කරන්න කැමැතියි. උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ තිබෙන සමාජ ආර්ථික කරුණු ලිඛිතව දක්වන්න. ඒ සඳහා කාර්යසාධක බලකාය හරහා කඩිනම් විසඳුම් ලබදීමට හැකිවෙනවා.

    සියලු රාජ්‍ය ආයතනවල භාෂා දෙකෙන් ම කටයුතු කරන ප්‍රදේශවල ජනතා අවශ්‍යතා සඳහා භාෂා දෙකම යොදා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා.අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවෙන් සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ලෙස
    කියැවෙනවා. ජාතික සංහිදියාව ගැන දරන මතවාදය ගැන සතුටු වෙනවා. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වන අවස්ථා සොයා බලා කටයුතු කරනවා. නිලධාරීන් දැමුවත් කිරීමේ වැඩමුළු පවත්වනවා. රජයේ සේවකයන්
    සියලු දෙනාම දෙවැනි බස ඉගෙන ගත යුතුයි කියන චක්‍රලේඛනය මත භාෂා පුහුණුව ලබාදෙනවා. 30,000ක් රාජ්‍ය සේවකයන්ට භාෂා පුහුණුව ලබාදුන්නා. සිසුන්ට අධ්‍යාපන උපකාරණ ලබාදී තිබෙනවා.රාජ්‍ය නොවන
    ස්වෙච්ඡා සංවිධාන එකතු කරලා සිවිල් ප්‍රජාවේ යාන්ත්‍රණය ගොඩ නගා තිබෙනවා. ලබන අවසරේ භාෂා සහයකයින් 3000ක් රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීමට පියවර ගන්නවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya