අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සේවයක් අරඹන්න - ක්‍රීඩා අමාත්‍ය

    දෙසැම්බර් 06, 2017

    පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සේවයක් ආරම්භ කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේබව පැවසීය.

    ග්‍රාමීය වශයෙන් වැඩකරන්න හැකි අමාත්‍යාංශයක්. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන විවිධ අවලාද නැගුවා. ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට එදා හයකෝටියක් පමණ මසකට වියදම් වුණා. වසරකට විශාල වියදමක්
    ප්‍රාදේශීය සභාවලට වැය කරන්න සිදු වෙනවා. මන්ත්‍රීවරු 8356ක් මැතිවරණයේ දී පත්වෙනවා. මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට කවුරුත් කතා කළේ නෑ.මසකට රුපියල් 12,53,40,000ක් වැය කරන්න සිදු වෙනවා. ස්ථාවර
    බලයක් නොලැබුනොත් කිසි වැඩක් කරගන්න බැරි වෙයි. කවුරුත් නඩු දැම්මා ම අපේ ඇගේ ගහනවා. මේ ක්‍රමවේදයේ තියෙන අර්බුදය ගැන කවුරුත් කතා කළේ නෑ.

    පළාත් පාලන ආයතනවල ලේකම්වරු ඉන්නවා. පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සේවයක් ආරම්භ කරන්න. පළාත් පාලන සේවයට ලේකම්වරුන්ගේ සේවයක්  ආරම්භ කරන්න ඕන. ලේකම්වරයකු ලෙස වැඩ කරන්න
    ස්ථාවරයක් හදන්න. වෙනම වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya