අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය නිවැරැදි කිරීමට පියවර- අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

    දෙසැම්බර් 06, 2017

    භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය නිවැරැදි කොට ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදය අතරතුර මේ බව පැවසුවේ,  මන්ත්‍රී විජිත හේරත් මහතා භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    ''භාෂා පරිවර්තකයන් වැටුප් තලයේ පිහිටු වීමට කටයුතු කරනවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. වැටුප් පරිමාණයේ ප්‍රශ්නයක් තිබෙනවා. එය නිවැරැදි කර ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කටයුතු
    කරනවා '' යැයි අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya