නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් සිදු වූ හානිය අවම වුණේ දැනුවත් කිරීම නිසයි - සභානායක

    දෙසැම්බර් 04, 2017

    කොපමණ නවීන උපකරණ ගෙනාවත් ස්භාවධර්මය සමඟ සටන් කිරීමට නොහැකියි.අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දිගින් දිගටම සිදු කළ දැනුවත් කිරීම් නිසා ජීවිත හා දේපළ හානිය අවම කරගැනීමට හැකි වූ බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පසුගිය දිනවල රටේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී
    මේ බව පැවසී ය

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් කර තිබෙනවා. විශේෂ කාලගුණික නිවේදනයක් ඉදිරි පැය 18 නිකුත් කරමින් ධීවර ප්‍රජාව දැනුවත් කර තිබෙනවා.දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු රළුවිය හැකි වීම හා
    තද සුළං ඇතිවීම පිළිබඳව ජනතාව දැනුවත් කර තිබෙනවා.

    බෙංගාල බොක්කේ කැළඹිලි තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමක් සිදු වී නැත. මේ පිළිබඳව අනතුරු ඇගවීම් කර තිබෙනවා. ඉන්දියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කර
    තිබෙනවා.ලෝක කාලගුණවිද්‍යා සංවිධානය මඟින් හා අනෙකුත් ආයතන තොරතුරු මඟින් සුළි සුළඟක් වන බවක් වාර්තා කර නෑ.

    ආපදා තත්ත්වයක් සිදුවීමෙන් ජීවිත හානි අවම කරගැනීමට හැකි වූයේ දැනුවත් කිරීම තුළිනි. ධීවර ජනතාවගේ දේපළ ජීවිත බේරාගැනීමට හැකි වුණේ දැනුවත් කිරීම මඟින්. පක්ෂ නායක රැස්වීමක් කැඳ වූවා. විදුලි කටයුතු
    යථත්ත්වයට පත් කරන ලෙස උපදෙස් දුන්නා. අනාවැකි දියුණු කිරීමට කටයුතු කරනවා. ආපදා අවම කිරීම්,ආපදාවකට මුහුණු දීම, ලබාදිය යුතු සේවාවන්, ඒකාබද්ධ වැඩසටහන් අපවත්වා ක්‍රියාමාර්ග ගෙන
    තිබෙනවා.

    නාය යැම් ප්‍රදේශවලින් පුද්ගලයන් 14860 ඉවත් කර ආරක්ෂිත ස්ථානවලින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් අවසන්. මිලියන 2.5 ක නිවාස වන්දියක් ගෙවනු ලබනවා. සුළු හා මධ්‍යම පරිමාණ
    කර්මාන්තකරුවන්ට වන්දි ලබාදෙනවා.

    නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා- වන්දි සඳහා උපකරණ රක්ෂණය කරන වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය ජනතාවට ලබා දී ඇති අයිතියක්. රක්ෂණ වන්දි ගැන දැනුවත් කරන්න.  

    නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- පැය දොළහක් තුළ රුපියල් 10,000ක වන්දියක් ලබාදෙන්න කටයුතු කළා. හානියට දස දහසට අඩු නම් එම අත්තිකාරමත් ලබාගන්න පුළුවන්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya