පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින නඩුව සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද
(30) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.
පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් පෙත්සම් කරු සමඟ දීර්ග සාකච්ඡාවක් පැවැත්වූවා.ඉන් පසුව යම් එකඟතාවයකට ආවා, ඒ අනුව අද පෙත්සම් කරු සහ මා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ නියෝජිතයෙක් උසාවියට ගොස් මෙම නඩුව සමථයකට පත්ව තිබෙන බවත් නඩුව ඉල්ලා අස්කරගැනීමට උසාවියට දැනුම් දෙන්නට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එම පෙත්සමේ තිබූ යම් යම් කරුණු පිළිබඳව සහනයක් ලබාදෙන්නට මම පොරොන්දු වුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.