නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපද්‍රව්‍ය බැහැර කරන ව්‍යාපෘතියක් යාපනයට

    නොවැම්බර් 30, 2017

    යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කටයුතු සම්පාදනය කර ඇති බවත් කී අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීමට ප්‍රංශ නියෝජිත ආයතනය එකඟ වී ඇතැයි කීය. එමෙන් ම ඉරණමඩු
    ජලශයේ ධාරිතාවය වැඩි කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya