නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

    නොවැම්බර් 29, 2017

    දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනය පරිදි එහි තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පෙරවරුවේ සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    මව්බිම වෙනුවෙන් දිවි පුද කළ දකුණු කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් සෝල් නුවර ජාතික සුසාන භූමියේ මෙම රණවිරු ස්මාරකය ස්ථාපිත කර තිබේ.

     

    එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි පාලක An Suhyun මහතා ඇතුළු පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

     

    හමුදා උත්තමාචාර මධ්‍යයේ රණවිරු ස්මාරකය අභිමුව මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වු ජනාධිපතිවරයා එහි නිරන්තරයෙන් දැල්වෙන පහනට සුවද ධූප එක් කළේය.

     

    අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya