අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ සඳහන් කළේ ය.
එදත් පක්ෂ හැරගිය අය සිටිය බව පවසන අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය සමඟ සිටින බව සඳහන් කළ අතර ඉදිරි මැතිවරණයේ දී ගම ජයගැනීමට අත්‍යාවශ්‍ය බව සඳහන් කළේ ය.
එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ හැකි දේශපලන ව්‍යාපාරයක් නොවෙයි.ජනාධිපතිතුමා සහෝදරත්වයේ දෑත දිගු කර තිබෙනවා.සම්මුතිවාදී වැඩපිළිවෙල තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක්
කරගෙන යනවා. ආණ්ඩුවක් තමන්ගේ වැරැදි තමන්ම සොයන්නේ ප්‍රථම වරටයි. මේ රජය විනිවිදභාවයෙන් කටයුතු කරනවා. පැහැදිළි දේශපාලන දැක්මක් සහිතව නිශ්චිත කරුණු කීපයක් ඉටුකරලීම පිණිස මෙම
සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ වුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.