පසුගිය දා ගිංතොට ප්‍රදේශයේ දී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමර දිසානයක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
මේ රටේ සියලු ජාතීන් ආරක්ෂා කරන්න බැදී සිටිනවා. එය රජයේ වගකීමක්. රජය එම වගකීමෙන් කටයුතු කරනවා. වන්දි ලබාදීමට දැන් කටයුතු ආරම්භ කර තිබෙනවා.
මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක් මහතා සඳහන් කළේ, වන්දි ලබදීමට කටයුතු කරන බවත් පැමිණිලි සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳව පොලීසිය දැනුවත් කරන බව ය.