අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ළමුන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන අවශ්‍යයි- අමාත්‍ය අර්ජුන රණතුංග

    නොවැම්බර් 23, 2017

    පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් පාසල් ළමුන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන අවශ්‍ය බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවදයට එක්වෙමිනි.

    රුපියල් මිලියන 100ක් ගිය අයවැයෙන් පාසල් ක්‍රිකට් වෙනුවෙන් වෙන් කර තිබුණා. එය ඉතා හොඳයි. ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම 6 වැනි තැනට පසු බැස ඇතැයි කී අමාත්‍යවරයා එසේ සිදු වීමට හේතුව සොයාබැලිය යුතු බව පැවසී ය.

    හම්බන්තොට ක්‍රීඩංගනයක් හැදුවා ඒ ක්‍රීඩාංගනය භාවිත කරන්න විදියක් නෑ. අපිට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන නොවේ. අවශ්‍ය වන්නේ පාසල් ළමයින්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩංගනයි. අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රීඩාව නැංවීමට ගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබදෙනවා යැයි ද අමත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya