නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සම්බන්ධ නෑ - මැතිවරණය කල්දැමීමට කිසිම වුවමනාවක් නෑ

    නොවැම්බර් 22, 2017

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මැතිවරණය කල්දැමීමට කිසිම වුවමනාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

     

    මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි කියන ස්ථාවරයෙන් ඉන්නවා. ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට යෑමේ අයිතිය තිබෙනවා. කිසිදු ආකාරයකට පළාත් පාලන මතිවරණය කල්දැමීමට මේ කටයුත්තට සම්බන්ධ වී නෑ. අධිකරණ කටයුත්ත කඩිනමින් අවසන් කිරීමට පක්ෂය ලෙස අපේ දායකත්වය ලබාදෙනවා. පක්ෂය ලෙස සකච්ඡා කරමින් යනවා. ජනාධිපතිතුමාගේ ස්ථාවරයත් එයයි. සිංහල අවුරුදු වෙන විට සියලු මැතිවරණ අවසන් කරල, පළමු රැස්වීම සිංහල අවුරුද්දට පෙර තියන්න උත්සාහය .ඒ සඳහා  ගත හැකි සියලු පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya