නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාත්මක පදනමකින් තොරව වැව් හාරන්න ඉඩක් නෑ - අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා

    නොවැම්බර් 22, 2017

    විද්‍යාත්මක පදනමකින් තොරව වැව් හැරීමට ඉඩ ලබා නොදෙන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වාරිමාර්ග අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදය අතරතුරය.

    හිතුවක්කාර ලෙස ඇනිකට් දාලා ජලය ලබාගන්නවා කියලා ජනතාව කියනවා. වතුර ටික රැකගන්න ඕන යැයි ද විවාදයේ දී ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

    අමාත්‍ය විජිත් විජයමුණි ස්යිසා මහතා - වැරදි ලෙස ජලය ගන්නවා නම් අපි වාරිමාර්ග පනත අනුව ක්‍රියාත්මක කරනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා-  ව්‍යාපාරයක් ලෙස වැව්හා රනවා.

    අමාත්‍ය විජිත් විජයමුණි ස්යිසා මහතා- විද්‍යාත්මක පදනමකින් තොරව වැව් හාරන්න ඉඩ දෙන්නේ නෑ. මොණරාගල වැව් 32ක් ප්‍රතිෂ්ඨාපනය කර තිබෙනවා. අප සෘජුව මැදිහත් වෙලා කරන්නේ. වහින  වැස්ස රදවා ගන්න අවශ්‍ය වෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya