නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන ජීවිතයට හෝ වෘත්තීය ජීවිතයට හානි වීමට ඉඩ දිය නොහැකියි

    නොවැම්බර් 22, 2017

    තමන්ගේ දේශපාලන ජීවිතයට හෝ වෘත්තීය ජීවිතයට හානි වීමට ඉඩ දිය නොහැකි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මෙසේ සඳහන් කළේ, හොරකම් කළ බවට චෝදනාවට ලක් වූ පුද්ගලයා  දුරකතනයෙන් කතා කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමිනි.

    මේ චෝදනාව සම්බන්ධයෙන් තමන් විශ්මයට පත් වූ බවත් තමන් ආත්ම ගරුත්වයක් සහිතව දේශපාලන හා වෘත්තීය  ජීවිතයෙන් නියැළුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ ය.

    මට ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙසයි මට ලේඛනය සාක්ෂි ලෙස අරගෙන  තියෙන්නෙ. මගේ ගෞරවය පිළිබඳ අභියෝගය වී තිබෙනවා. මගේ අවංකකම කියන්න අවස්ථාවක් නැති ද? මට හොරු  ආරක්ෂා කරන්න අවශ්‍ය නෑ. කොමිෂමෙන් මා හරස් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. මට ලිඛිතව  දැනුම් දීමක් කර තිබෙනවා. කතානායකතුමාට බාරයි මගේ ගෞරවය. ඔබතුමා මැදිහත් වී  හරස් ප්‍රශ්න අහන්න මට ඉඩ දෙන්න යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya