නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපදේශකයන් පුහුණු කිරීමට සියලු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් -රණවිරුවන් 2000කට NVQ සහතික ලබාදෙනවා

    නොවැම්බර් 21, 2017

    නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව මේ රටේ විශලතම සිසු කොට්ඨාශයක අවශ්‍යතාවය බවත්  උපදේශකයන් පුහුණු කිරීමේ සියලු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.


    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වැයශීර්ෂ අද (21)  පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු අතර විවාදයට පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව මේ රටේ විශලතම සිසු කොට්ඨාශයක අවශ්‍යතාවයයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන හැම දරුවෙක් ම බාර වෙන්නේ නිපුණතා අමාත්‍යාංශයටයි. මේ වනවිට පහසුකම් තියෙන්නේ 110,000ක ආසන්න ප්‍රමණයක් පමණයි.

    අපට රජයක් හැටියට අභියෝග දෙකක් තිබෙනවා. එකක් තමයි පුහුණු වෙන්න් අතිබෙන පහසුකම් ලක්ෂයකින් වැඩිකිරීමයි. පුහුණු මධ්‍යස්ථනයකම තාක්ෂණය, පෞද්ගලික අංශය, කර්මාන්ත, බලාපොරොත්තුවන තාක්ෂණය ඉගැන්වීම් නවීකරණය කිරීමේ වගකීම අපට තිබෙනවා. පුහුණු ගුරුවරු බඳව ගැනීම හා සොයාගැනීමේ අභියෝගය අපේ රටට තිබෙනවා.සියලු පහසුකම් සහිත උපදේශකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

    අප බලාපොරොත්තු වෙන්නේ වහල් සේවයක් ඇති කරන්න නොවේ. අභිමානවත් රැකියා හැටියට, අභිමානවත් ව සිදු කරන්න, ඒ සඳහා මුදල් වෙන් කළේ.අපේ අමාත්‍යාංශය යටතේ පවතින පුහුණු මධ්‍යස්ථානවල උපදේශකයන්ට දක්ෂතාවය තිබෙනවා. ලබාදෙන සහතික අදාළ විෂයට ගැළපෙන පිළිගැනීම, එන්.වී,කියු සහතික ලබාදීම ආරම්භ කර දී තිබෙනවා. 55000කට සහතික ලබදී තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya