නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ පෙළඹවීමක් ජාතික මට්ටමින් අවශ්‍යයි

    නොවැම්බර් 21, 2017

    වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ පෙළඹවීමක් ජාතික මට්ටමින් අවශ්‍ය වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වැයශීර්ෂ අද (21)  පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් නියෝජ්‍ය  අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    වැඩලෝකයට අවශ්‍ය මානව සම්පත, ගුණාත්මක වශයෙන් දැනුමෙන් ආකල්ප හා කුසළතාවයෙන් පෝෂණය කරලා මෙම මානව සම්පත වැඩලෝකයට පිටත් කිරීමයි අරමුණ. සෑම අංශයක් ගැනම කතා කරද්දි මේ අංශය ගැන කතා කරනවා. අමාත්‍යාංශය අභියෝග බාරගන්න කටයුතු කරවනවා.

    නිපුණතා ආයතනවලට තරුණ පරපුර වැඩිවෙමින් පවතිනවා. ඊට හේතුවක් තමයි, රජය ගත් වැදගත් පියවර. රාජ්‍ය වෘත්තීය අධ්‍යාපන ක්ෂෙත්‍රයත් ''නොමිලේ '' අධ්‍යාපනයක් කළා. බොහෝ පාඨමලා සඳහා මුදල් අය කරන්නේ නෑ. මෙය රටේ සිදු වූ ගැඹුරු පරිවර්තනයක්. මිලියන තුන හතරක ශ්‍රම පිරිසක් පුහුණු කිරීමේ දී මහන්සිවෙලා වැඩ කරන්න සිදු වෙනවා.

    වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ පෙළඹවීමක් ජාතික මට්ටමින් අවශ්‍ය වී තිබෙනවා. රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. රට දියුණු කරන නම් වැඩ කරන්න අවශ්‍යයි කියලා දැනුවත් විය යුතුයි. හැකියාවෙන් පිරි ජනතාවක් බිහිකිරීමට කටයුතු කළ යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya