නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධිකරණ අමාත්‍යාංශය වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අද (20) පාර්ලිමේන්තුවේ දීය.
දේශපාලන සිරකරුවන් කියන අර්ථකථනයක් දෙන්න උත්සහ කරනවා. බරපතල අපරාධවලට සම්බන්ධ පිරිස් ඉන්නව සිරගතව. නීතියේ ආධිපත්‍ය ඉදිරියට ගෙන යනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු ප්‍රගතිය සියයට 80%ක්. නීතිපති දෙපාර්තමේන්තුව අතුළු ආයතන කාර්යක්ෂම කිරීම අධිකරණ අමාත්‍යාංශයේ වගකීමක්.මේ ආයතනවලට ගැලපෙන වටුප් තලයක් සඳහ අවශ්‍ය වටපිටාව සකස් කරමින් පවතිනවා.සැලස්මක් හදගෙන යනවා,ලබන වසර වනවිට තවත් 100ක් පමණ බඳවා ගැනීමට.රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. සමථ මණ්ඩලවල ප්‍රගතියක් තිබෙනවා.නීති ආධාර අංශ අප ශක්තිමත් කරගෙන යනවා.නොතාරිස් ආඥා පනත් කෙටුම්පත සංශෝධනය කරගෙන යනවා. අපරාධයක වගකිම දරන අවම වයස ගැන සාකච්ඡා කරනවා.