නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

    නොවැම්බර් 20, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා හෙට (21 වන දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවන්ට සහභාගී වන වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම් නාත් කෝවින්ද් මහතා හමුවීමට ද නියමිතය.

    23 වන දා නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද වික්‍රමසිංහ මහතා සහභාගී වනු ඇත. මෙවර සමුළුවේ තේමාව වනුයේ  "සැමට සයිබර්"  තිරසර සංවර්ධනය සඳහා ආරක්‍ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක්" යන්නය.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya