නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ආර්ථිකය යහපත් දිශාවකට යොමු කළ යුතුය - නවීන ලෝකයේ ණය නොගන්නා රටක් නෑ

    නොවැම්බර් 16, 2017

    නවීන ලෝකයේ ණය නොගන්නා රටක් නොමැති බවත් එහෙත් ණය ගෙවීමේ හැකියාව අපට තිබිය යුතු බවත් ඕනෑම ආර්ථිකය වැදගත් කරුණ වන්නේ රැකියා බිහි කිරීමේ ශක්තිය බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 ( සයවැනි වෙන් කළ දිනය ) අද (14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින්  මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

     

    නවීන ලෝකයේ ණය නොගන්නා රටක් නෑ.එහෙත් ණය ගෙවීමේ හැකියාව අපට තිබිය යුතුයි. සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. අධිවේගීමාර්ග,ගුවන් තොටුපළ,යුද්ධයෙන් පසු දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු වුණා. මහජනතාව ඉදිරියේ දී පැහැදිළි වත්කම් ලෙස දිස් වුණා. ශ්‍රී ලංකාවේ ණය ගෙවීම හැකියාව පෙන්නා තිබෙනවා. ණය කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා. බදු මඟින් උපයා ගත් මුදල් ජනතා සුබසෙත සඳහා යොදා ගත යුතුයි. ආර්ථික වර්ධනය දෙස සිත් යොමු කරමු. ඕනෑම ආර්ථිකය වැදගත් කරුණ වන්නේ රැකියා බිහි කිරීමේ ශක්තියයි.අපේ රටේ සේවා නියුක්තිය අඩුවෙලා. රටක සර්ව ආර්ථිකයේ වැදගත් සධකයක් වන්නේ ගෙවුම් ශේෂයයි.  අපනයනය වැඩි කරගැනීමට උත්සහ දරන්නට සිදු වුණා. ඕනැම රටක ආර්ථික ශක්තිය පිළිබිඹු වන්නේ එම රටට පවතින විදේශ සංචිත ප්‍රමාණය අනුවයි. අපේ ආර්ථිකය යහපත් දිශාවකට යොමු කළ යුතුය යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya